.jpg)
.jpg)


.
මහවැලි ගොවි දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බලන මහවැලි ක්‍රීඩා උළෙල 29 වන වරටත් හෙට සහ අනිද්දා (09 සහ 10) දෙදින පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය හෙට පෙ.ව. 8.30ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උත්සවය ඉරිදා ප.ව. 2.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
දිවයිනේ මහවැලි කලාප 10කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් පමණ ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත අතර ජවන හා පිටිය තරඟ ඉසව් 41ක්, කණ්ඩායම් තරග 14ක් සහ කාන්තා සහ පිරිමි පාපැදි තරග 02ක් ඇතුඑ තරඟ ඉසව් 57 කින් මෙවර ක්‍රීඩා උළෙල සමන්විතය.
1986 වසරේ ගල්නෑවේදී ආරම්භ වූ ක්‍රීඩා උළෙල එතැන් සිට 2012 දක්වා අඛණ්ඩව පැවැත්වුණු අතර 2013 සහ 2014 වසරවල ක්‍රීඩා උළෙල අතහැර දැමිණි. 2015 වසරේ සිට නැවත ක්‍රීඩා උළෙල ආරම්භ කෙරිණ.