. රෙඩ් බුල් ලෝක කුසලාන තරග ඇරඹෙයි | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
රෙඩ් බුල් ලෝක කුසලාන තරග ඇරඹෙයි
2017-09-08 22:59:18 | ශානුක අරවින්ද

රෙඩ් බුල් සමාගම සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මේ මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ සහ ගාල්ල යන නගර වලදී පැවැත්වේ.

ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් මෙවර තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගි වෙයි. එම කණ්ඩායම් සිය රට වලදී දේශීය මට්ටමින් පැවැති විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලි ජයගමින් මෙම ලෝක කුසාලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටියි.

ඉකුත් වසරේ පැවැති විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසාලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම), සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට සහභාගි වී සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, තුන් ඉරියවු ක්‍රීඩක වනිඳු හසරංග සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු බී.එම්.එස්. කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ අනු ශූරයන් බවට පත්වූ බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයට (යූ.එල්.ඒ.බී. කණ්ඩායම) මේ වසරේදී බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායක මෂ්රෆී මොර්ටාසාගේ සොහොයුරා වන මුර්ෂලින් මොර්ටාසා ඇතුළත්ව සිටියි. තවද ඩකා ලීග් තරගාවලියට මෙන්ම වයස් කාණ්ඩ මට්ටම් වල බංග්ලාදේශ ජාතික කණ්ඩායම් වලටද ක්‍රීඩා කළ අවිෂේක් මිත්‍රා සහ අන්ජුම් අහමඞ් වැනි ක්‍රීඩකයෝද ඊට ඇතුළත්ව සිටිති.

ඕස්ට්‍රේලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලය, එරටදී පැවැති අන්තර් විශ්ව විද්‍යාල තරගාවලිය ජයගනිමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන්නේ පිට පිටම තෙවැනි වරටයි. බිග්බෑෂ් ලීග් තරගාවලියේදී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඩෙව්ලින් මැලන් සහ ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ හෙන්රි හන්ට් යන ක්‍රීඩකයෝ සිඞ්නි විශ්ව විද්‍යාල කණ්ඩායමේ නම් දරා සිටින ක්‍රීඩකයෝ වෙති.

ඉකුත් වසරේ පැවැති විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසාලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම මඟහැරී ගියද, 2015 වසරේ පාකිස්තානයේදී පැවැති අන්තර් විශ්ව විද්‍යාල තරගාවලියේ ජයග්‍රහකයන් වන පාකිස්තානයේ ‘ජින්නා’ රජයේ විදුහල ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමගින් මෙවර තරගාවලියට සහභාගි වී සිටියි. ඒ අතර එරට පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කරන ෆයිසාන් ඛාන් සහ අර්සලන් බාෂීර් මෙන්ම පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන හසන් මොසින් සහ අමාඞ් ආලම් ප්‍රධාන තැනක් ගනිති.

ඉන්දියාවේ මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහල (එම්.එම්.සී.සී. කණ්ඩායම) විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසාලාන තරගාවලියට සුදුසුකම් ලබාගත් දෙවැනි අවස්ථාව මෙයයි. ඉකුත් වසරේ (2016) පැවැති තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ඉන්දීය ප්‍රන්ත තරගාවලියේදී මහරාෂ්ට කණ්ඩායමට ක්‍රීඩා කරන රුතුරාජ් ගායික්වාද් සහ රොහාන් දම්ලේ යන ක්‍රීඩකයන් එම්.එම්.සී.සී. කණ්ඩායම නියෝජනය කරති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරියට් වොට් විශ්ව විද්‍යාලය ඉකුත් වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියටද සහභාගි වූ අතර එම කණ්ඩායමට එක්සත් අරාබි එමීර් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන රෝහිත් සිං, ඛාලිද් ෆර්හාන් සහ චිරාග් සූරි වැනි ක්‍රීඩකයන්ද ඇතුළත් වූහ. ඔවුන් අතරින් චිරාග් සූරි ප්‍රධාන තැනක් ගන්නා අතර ඔහු 2017 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායම සමගද ගිවිසුම් ගතව සිටියේය.

දෙවරක්ම විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාව දිනා සිටින දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා විශ්ව විද්‍යාලය, සිය රට තුළදී පැවැති දේශීය තරගාවලියේදී පරාජය කරමින් එරට වයඹ විශ්ව විද්‍යාලය මෙවර තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. සිම්බාබ්වේ දේශය නියෝජනය කරමින් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායමක් සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...