. ස්ටෝක්ස් - ඇන්ඩර්සන් එංගලන්තයට ජය ගෙනෙති | කෙළිමඬල
2018 ජනවාරි මස 16 වැනි අගහරුවාදා
ස්ටෝක්ස් - ඇන්ඩර්සන් එංගලන්තයට ජය ගෙනෙති
2017-09-10 12:19:03 | .

බෙන් ස්ටෝක්ස් (22/6) පළමු ඉන්මේදී සහ ජේම්ස් ඇන්ඩර්සන් (42/7) දෙවැනි ඉනිමේදී යවන ලද විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක ජයක් හිමිකර ගත් එංගලන්තය තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට ඊයේ (09 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය ජයගැනීමට සමත්විය. පළමු කඩුල්ල ලෙස ලකුණු 17 ක් ලබාසිටි ඇලෙස්ටයාර් කුක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනිමට ඩිවේන්ද්‍ර බිෂෝ සමත්විය.

දෙවැනි කඩුල්ල සදහා ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය සදහා කණ්ඩායම රැගෙන යාමට මාර්ක් ස්ටෝන්මෑන් (නොදැවී 40) සහ ටොම් වෙස්ට්ලී (නොදැවී 44) සමත්වූහ.

දෙවැනි දිනය නිමාවන විටදී කඩුලු 3 ක් දැවී ලකුණු 93 ක් රැස්කරගෙන සිටි කොදෙව් පිල ලකුණු 177 කට සීමා කිරීමට ජේම්ස් ඇන්ඩර්සන් ඇතුළු එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ශායි හෝප් (62) අර්ධ ශතකයක් රැස්කර සිටියදී ජේම්ස් ඇන්ඩර්සන් එවූ පන්දුවකට ජොනී බෙයාස්ටෝ අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට එංගලන්ත පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.

විශිෂ්ට පන්දු යැවීම නිරතවූ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 42 කට කොදෙවි පිතිකරුවෝ හත් දෙනෙකුම ක්‍රීඩාගාරයට යැවීමට සමත්වූ අතර ස්ටුවර්ට් බ්‍රෝඩි ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමු ඉනිමේදී කඩුලු හයක් දවාගනිමින් පන්දුවෙනුත් අර්ධ ශතකයක් (60) රැස්කරමින් පිත්තෙනුත් දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් අතර එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහ කොදෙව් ක්‍රීඩක ශායි හෝප් තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්වූහ.

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 123
(කිරන් පවෙල් 39, ශායි හෝප් 29, රොස්ටන් චේස් 18, බෙන් ස්ටොක්ස් 22/6, ජේම්ස් ඇන්ඩසන් 31/2, රෝලන්ඩ් ජෝන්ස් 32/2)

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 194
(fඬ්විඩ් මෙලන් 20, බෙන් ස්ටොක්ස් 60, ජොනී බෙයාස්ට්‍රෝ 21, ස්ටුවට් බ්‍රෝඩ් 38, කේමර් රෝච් 72/5, ජේසන් හෝල්ඩර් 54/4)

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 177
(කිරන් පවෙල් 45, ශායි හෝප් 62, ජේසන් හෝල්ඩර් 23, ජේම්ස් ඇන්ඩර්සන් 42/7, ස්ටුවර්ට් බ්‍රෝඩි 35/2)

එංගලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 107
(මාර්ක් ස්ටෝන්මෑන් නොදැවී 40, ටොම් වෙස්ට්ලී නොදැවී 44)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණක් ...
2018-01-09 15:42:54
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ...
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...