. පළමු ටෙස්ට් තරගය 28 දා | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
පළමු ටෙස්ට් තරගය 28 දා
2017-09-10 20:49:21 | .

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා දින ප්‍රකාශයට පත්කර තිබේ. තරගාවලියේ පළමු තරගය වන පළමු ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා අබුඩාබිහිදී ආරම්භ වේ. ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දිවා/රාත්‍රී තරගයකි.

තරගාවලියට එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග තුනක් ඇතුළත් වන අතර තුන්වැනි විස්සයි:20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීය. කෙසේ වෙතත් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ විමසීමක් කිරීමෙන් පසුව පමණක් මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් බලා යාමට නියමිතය.


තරග කාලසටහන

සැප් 28 - ඔක් 02 : 1 වැනි ටෙස්ට් තරගය අබුඩාබිහිදී
ඔක් 06 - ඔක් 10  : 2 වැනි ටෙස්ට් තරගය ඩුබායිහිදී
ඔක් 13            : 1 වැනි එක්දින තරගය ඩුබායිහිදී
ඔක් 16          : 2 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
ඔක් 18          : 3 වැනි එක්දින තරගය අබුඩාබිහිදී
ඔක් 20          : 4 වැනි එක්දින තරගය සාජාහිදී
ඔක් 23          : 5 වැනි එක්දින තරගය සාජාහිදී
ඔක් 26          : 1 වැනි  විස්සයි20 තරගය අබුඩාබිහිදී
ඔක් 27          : 2 වැනි  විස්සයි20 තරගය අබුඩාබිහිදී
ඔක් 29          : 3 වැනි විස්සයි20 තරගය ලාහෝර්හිදී

 

Sumedha2017-09-17 09:33:15
දැන් කලිසම බාගෙට ගැලවිලා තියෙන්නේ...ඉතුරු ටිකත් ගැලවිලා පේනකම් යන්න අදහසක් නෑ වගේ....
Chamara Ruwan2017-09-12 05:10:22
ඉන්දියාවෙන් ඇති වෙනකම් කෑවා... මේකෙනුත් ඇති වෙනකම් කයි.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...