. බී.එම්.එස්. කණ්ඩායම අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 පෙබරවාරි මස 21 වැනි බදාදා
බී.එම්.එස්. කණ්ඩායම අවසන් පූර්ව වටයට
2017-09-12 17:55:50 | ශානුක අරවින්ද

රෙඞ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි දිනය වූ අද (12 වැනිදා) සිම්බාබ්වේහි විද්‍යාව සහ තාක්ෂණවේදී ජාතික විශ්ව විද්‍යාලයට (එන්.යූ.එස්.ටී. කණ්ඩායම) එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම) තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.


ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය බී.එම්.එස්. කණ්ඩායම ඕවර 10.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දිනුක් වික්‍රමනායක (නොදැවී 31) සහ සුපේෂල ජයතිලක (නොදැවී 15) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බී.එම්.එස්. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 25 කදී වාර්තා වූ දිනුක් වික්‍රමනායකගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ තිලක්ෂ සුමනසිරි පන්දු 11 කදී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.යූ.එස්.ටී. කණ්ඩායම ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 108 ක් රැස්කළ අතර නායක මසින්ගායේ ඩෝලොග්වා ලකුණු 20 ක්ද, ශාඩේ‍රක් තපීවා ලකුණු 23 ක්ද රැස්කරමින් එන්.යූ.එස්.ටී. ඉනිම ශක්තිමත් කළහ.


එහිදී මනෝජ් සරත්චන්ද්‍ර, ගිෂාන් විමලධර්ම සහ කෝෂාන් ජයවික්‍රම කඩුලු 2 බැගින් දවාගනිමින් එන්.යූ.එස්.ටී. කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූහ.


අද පැවැති සෙසු තරගවලදී පාකිස්තානයේ ජින්නා රජයේ විදුහල පරාජය කරමින් දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලයද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරියට් වොට් විශ්ව විද්‍යාලය පරාජය කරමින් බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයද, ඉන්දියාවේ මරත්වාද මිත්‍ර මන්ඩල් වානිජ විදුහල පරාජය කරමින් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  
 
සිම්බාබ්වේ (එන්.යූ.එස්.ටී. පිල) - ඕවර 20 කදී සියලු දෙනා දැවී 108
(මසින්ගායේ ඩෝලොග්වා 20, ශාඩේ‍රක් තපීවා 23, මනෝජ් සරත්චන්ද්‍ර 4/2, ගිෂාන් විමලධර්ම 15/2, කෝෂාන් ජයවික්‍රම 21/2)
ශ්‍රී ලංකාව (බී.එම්.එස්. පිල) - ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී 134
(දිනුක් වික්‍රමනායක නොදැවී 31, තිලක්ෂ සුමනසිරි 30, ටෆාඞ්ස්වනාෂේ මක්වේනා 19/2)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...