. රිනවුන් පිලට ගෝල 4-1 ක ජයක් | කෙළිමඬල
2017 සැප්තැම්බර් මස 23 වැනි සෙනසුරාදා
රිනවුන් පිලට ගෝල 4-1 ක ජයක්
2017-09-13 20:31:12 | නාමල් පතිරගේ

අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරග කීපයක්ම වර්ෂාව හේතුවෙන් අත්හිටුවීමට සිදු විය. කෙසේවුවත් පසුගිය ශූරතාව වන කොළඹ කණ්ඩායමට එරෙහිව හොඳ සටනක් දුන් කුරුණෑගල ක්‍රීඩකයෝ තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත් වූහ.

තවත් තරගයකදී නාවලපිටිය අප්කන්ටි්‍ර කණ්ඩායමට එරෙහිව රිනවුන් කණ්ඩායම ගෝල 4-1 ක පහසු ජයක් වාර්තා කරද්දී ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට මොහොමඞ් රිෆ්සාන් සමත් විය.

ජයපරාජයෙන් තොරව අවසන් වූ මාතර සිටි කණ්ඩායම හා මොරගස්මුල්ල කණ්ඩායම අතර තරගයේදී දෙපිලේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලැබූහ.


තරග ප්‍රතිඵල

■    රිනවුන් කණ්ඩායම විසින් නාවලපිටිය අප්කන්ටි්‍ර පිල පරාජය කරන ලදී. (4-1)
■    අනුරාධපුර සොලිඞ් පිල විසින් නාවික හමුදා පිල පරාජය කරන ලදී (1-0)
■    වෙන්නප්පුව නිව් යංග්ස් පිල සහ බේරුවල සුපර් සන් පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි. (1-1)
■    ජාවාලේන් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදී (3-0)
■    ගුවන් හමුදා පිල විසින් මීගමුව යූත් පිල පරාජය කරන ලදී (2-0)
■    කොළඹ කණ්ඩායම හා කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
■    මොරගස්මුල්ල ක්‍රි.ස. පිල හා මාතර සිටි අතර තරගය ජයපැදුරමෙන් තරයි (1-1)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගෙන් බීමර් වරුසාවක්...
2017-09-17 22:00:57
ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යය...
සංගා 8 වැනි ශතකයත් ලබාගනී...
2017-09-21 18:54:33
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබ...
මැතිව්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි...
2017-09-20 15:56:48
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව...
හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට ජය ගෙනෙයි...
2017-09-17 18:40:28
හර්දික් පාණ්ඩ්‍යා (83) සහ මහේන්ද්‍ර සිං දෝනි (79) එක්ව හයවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 118 ක සම්බන්ධතාවය හේතුවෙන් චෙන්නායිහිදී අ...
චාමර සිල්වාට වසර දෙකක තහනමක්...
මේ වනවිට සියලුදෙනා දන්න කාරණයක් තමයි මේක කැකිල්ලේ නඩු තීන්දුවක් බව. ක්‍රීඩා ඇමැතියි, සුමතිපාලයි කියන්නේ දෙන්නෙක් නෙමේ එක්කෙනෙක්. මේ යන විදිහට ලංකාවේ ක...
ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්...
මම හදවතින්ම සුබපතනවා !!!...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
හැමෝටම කළින් ක්‍රීඩා ඇමැතිවරයා සහ තිලංග ඉවත්විය යුතුයි. ඊට පස්සේ ලංකාවේ ක්‍රිකට්වලට හොඳ කලක් උදාවේවි... බැරිවෙලාවත් අර්ජුන ආවොත් සොරිම තමයි. ...
ක්‍රිකට් දැනුමැත්තෝ කර අරිති...
ඇමැතිගේ නාඩගම් එපාවෙලා වෙන්නැති ක්‍රිකට් දැනුමැත්තෝ එන්නේ නැත්තේ... ...
තිසර ලෝක කණ්ඩායම දිනවයි...
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!! ...