. ප්‍රවීනයන්ගේ හොකී තරගාවලිය 23 දා | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
ප්‍රවීනයන්ගේ හොකී තරගාවලිය 23 දා
2017-09-13 21:36:10 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී සංගමය සංවිධානය කරන ප්‍රවීණයන්ගේ හොකී ලීග් තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මේ මස 23 වැනිදා කොළඹ 7, කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා ජාතික හොකී කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීණ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 100 කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිත අතර අතිරේක ක්‍රීඩකයන් තිදෙනාට අමතරව කණ්ඩායමකට ක්‍රීඩකයන් 9 දෙනෙක් බැගින් ඇතුළත් වේ.

කලම්බු වුල්ව්ස්, කලම්බු ඩ්‍රැගන්ස්, කලම්බු ටස්කර්ස්, මාතලේ වයිපර්ස්, මාතලේ පැන්තර්ස්, ඌව රයිනෝස්, මහනුවර ලයන්ස් සහ මර්ක් ස්පයිඩර්ස් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 8 වේ.

එම කණ්ඩායම් 8 මූලික වටයේදී ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 කට බෙදා ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර එහිදී එක් කාණ්ඩයක තරග 6 ක් බැගින් පැවැත්වේ. මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ ඉදිරියෙන්ම සිටින ශූරයන් බවට පත්වන කණ්ඩායම් 2 තරගාවලියේ කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

එම කාණ්ඩවල දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් පළඟ අවසන් මහ තරගයටද, තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් බඳුන අවසන් මහ තරගයටද, සිවුවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් පළිහ අවසන් මහ තරගයටද සහභාගි වීමට නියමිතය.

‘සිග්නේචර්’ බෙදාහරින්නන් වන හමීඩියා සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 

සිග්නේචර් සන්නාම කලමණාකාර අධ්‍යක්ෂ ඉන්දික පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී සංගමයේ සභාපති ෆවුසුල් හමීඞ් මහතාට අනුග්‍රහක චෙක්පත ප්‍රධානය කරන ලද අවස්ථාව.... ආනන්ද ද සිල්වා (භාණ්ඩාගාරික), ඔටෝ ප්‍රීනා (තරගාවලි අධ්‍යක්ෂ) සහ රත්නසිරි මහගලඇල්ල (ලේකම්) යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...