. තිසර ලෝක කණ්ඩායම දිනවයි | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා
තිසර ලෝක කණ්ඩායම දිනවයි
2017-09-13 23:35:55 | .

තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ පාකිස්තාන කණ්ඩායමට එහෙිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට ලෝක කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද ලෝක කණ්ඩායම සමත් වූයේය.

තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිදුව තිබූ අතර එම ඕවරයේ 5 වැනි පන්දුවට තිසර පෙරේරා ගැසූ හයේ පහරින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු 19 කදී දැවැන්ත හයේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 47 ක් රැස්කළ තිසර තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේ පන්දු යැවීමේදී කඩුලු දෙකක්ද දවාගැනීමෙන් පසුවය.

ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. තිසර සහ අම්ලා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 69 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලෝක කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන ගියහ.  

සොහේල් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 31 ක් ලබා සිටියදී තිසර පෙරේරා දුන් පහසු උඩ පන්දුව ලෝන්ග් ඕන්හි පන්දු රකිමින් සිටි ෂොයිබ් මලික් අතින් ගිළිහීයාම තරගයේ තීරණාත්මක සිදුවීමක් විය.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැස්කරමින්ද, නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 14 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින්ද ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් අහමඞ් ශේෂාඞ් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස්කළේය. ෆකාර් සමාන් (21) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශේෂාඞ්, ඉන් නොනැවතී බාබර් අසාම් (45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් විය.

පන්දු 38 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත වූ අතර පන්දු 13 කදී වාර්තා වූ ෆකාර් සමාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අතුළත් විය. පාකිස්තාන ඉනිමේ අවසන් කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂොයිබ් මලික් පන්දු 23 කදී ලකුණු 39 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.

පාකිස්තාන ඉනිමේ 19 වැනි ඕවරය යැවූ තිසර පෙරේරා එහි සිවුවැනි සහ අවසන් පන්දුවලදී ඉමාඞ් වසීම් (15) සහ නායක සෆ්රාස් අහමඞ් (00) දවාගැනීමට සමත් විය.

පාකිස්තාන කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 කට 174  
(ෆකාර් සමාන් 21, අහමඞ් ශේෂාඞ් 43, බාබර් අසාම් 45, ෂොයිබ් මලික් 39, ඉම්ඩාඞ් වසීම් 15, තිසර පෙරේරා 23/2, සැමුවෙල් බද්රි 31/2)

ලෝක කණ්ඩායම - ඕවර 19.5 කදී කඩුලු 3 කට 175  
(ටමීම් ඉක්බාල් 23, හෂීම් අම්ලා නොදැවී 72, ෆෆ් ඩුප්ලෙසි 20, තිසර පෙරේරා නොදැවී 47)

-036

 

kasun2017-09-15 07:18:56
ලංකා ටීම් එක, ලංකාවේ ක්ලබ් ටීම් එකක් එක්ක සෙල්ලම් කළත් පරදිනවා. ඒක සත්තයි..!!!
Rajindra2017-09-14 11:19:23
@නාමල්, ලංකාවෙදි නැති හැකියාවක් ලෝක කණ්ඩායමට ක්‍රීඩා කරනකොට ඇතිවෙන්න හේතුවක් තිබුනා. තිසරව පිටියට එව්වේ 14 වැනි ඕවරයේ අංක 5 පිතිකරු විදියට. ඒ වෙලාවෙ ඕවර 6කට ලකුණු 69ක් ගන්න තිබුණා. ලංකාවේ ක්‍රිකට් කළමණාකාරිත්වය නොදන්නවා උනාට ලෝක කණඩායමේ නායක ෆැෆ් ඩූ ප්ලේසිස් දැනගෙන හිටියා තිසරව භාවිතා කරන්න ඕනේ මොන විදිහටද කොයි වේලාවේද කියන එක. ඒකයි හේතුව. තිසර මේ විදිහට ලංකාවත් කීපසැරයක් ගොඩදාලා තියෙනව අපේ අයට අමතක උනාට. ලංකාවේදී වෙන්නේ එක තරඟයක් අසාර්ථකවුනාම ඊළඟ තරඟයෙදී තිසරව ඉවත්කරන එක. එතකොට ක්‍රීඩකයන් මානසිකව කඩන්වැටෙනවා.
namal2017-09-14 04:10:13
ලංකා කණ්ඩායමේදී නැති හැකියාවක් ලෝක කණ්ඩායමේදී තියෙන්නේ ඒක ලෝක කණ්ඩායම් හින්දා වෙන්න ඇති..
newton punchihewa2017-09-14 04:27:36
අපේ තේරීම් කමිටුව තිසරව ප්‍රතික්ෂේප කරයි.... හා හා ..

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පිතිකරුවෝ ශ්‍රී ලංකාව බේරාගනිති...
2017-12-06 16:00:46
ඉන්දියාවට එරෙහිව දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට ශ්‍රී ලංකාව අද ...
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
චන්දිමාල් - මැතිව්ස් ඉහළ නගිති...
2017-12-07 17:31:49
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්...