. සඳරුවන් - නිලානි මැරතන් ශූරතා දිනති | කෙළිමඬල
2018 ජනවාරි මස 23 වැනි අගහරුවාදා
සඳරුවන් - නිලානි මැරතන් ශූරතා දිනති
2017-09-17 18:05:36 | රඹෑව මනුල වික්‍රම සහ සුසිල් ප්‍රේමලාල්

ජාතික තරුණසේවා සභාව 29 වැනි වරටත් සංවිධානය කළ ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය  අද (17) අනුරාධපුරයේ දී පැවැත්විණි. මේ සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 26 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 කට අධික පිරිසක් සහභාගී වූහ.  

කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩී.ජී.ඕ. සඳරුවන් විසින් පිරිමි තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගන්නා ලදි. එම තරගයේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ පී.ඕ. නිලානි ප්‍රියදර්ශන ක්‍රීඩිකාවට හිමිවිය.

මැරතන් තරගය අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී මිහින්තලේ මාර්ගය ඔස්සේ ගල්කුලම දක්වා ගමන් කර නැවත මහජන ක්‍රීඩාංගනයෙන් අවසන් විය. පිරිමි තරගයේ දුර කිලෝමීටර් 42 ක් වූ අතර කාන්තා තරගයේ දුර කිලෝමීටර් 21 කි.

 

පිරිමි තරගයේ ප්‍රතිඵල

1. ඩී.ජී.ඕ. සඳරුවන් (කලුතර) - පැ 2:37.08
2. එස්.එම්.ජේ. රත්නකුමාර (මොණරාගල) - 2:42.22
3. කේ.එම්.ජේ.පී. විජේරත්න (අනුරාධපුරය) - 2:46.08
4. ඊ.ඒ.යූ.චානක (බදුල්ල) - 2:51.17
5. එම්.ගෞරිනාතන් (වවුනියාව) - 2:52.24
6. එම්.එච්.එස්.දනුෂ්ක (රත්නපුර) - 2:58.22
7. එම්.ජී.සී.ජයරත්න (කලුතර) - 3:03.48
8. කින්තුෂාන් (වවුනියාව) - 3:05.02
9. පී.විශ්ව තරංග (මාතර) - 3:07.08
10. ඩී.කේ.ජී.එම්.පී.කේ. රූපසිංහ (නුවරඑළිය) - 3:08.55

 

කාන්තා තරගයේ ප්‍රතිඵල
1. පී.ඕ. නිලානි ප්‍රියදර්ශනී (කෑගල්ල) - 1:29.45
2. එම්.ජී.බුද්ධිකා (ගම්පහ) - 1:29.57
3. ඒ.එස්.නිසංසලා බණ්ඩාර (කෑගල්ල) - 1:34.38
4. ඒ.කේ.ඕ.ශාලිකා අත්තනගොඩ (අනුරාධපුරය) - 1:35.26
5. ඩබ්.එම්. නිමේෂා නිදර්ශනී (මොණරාගල) - 1:36.03
6. ඩබ්.පී. ඉසුරිකා මධුවන්ති (බදුල්ල) - 1:39.41
7. වී.ඒ.සමන්ද සඳතාරක (හම්බන්තොට) - 1:40.21
8. ඩබ්.ජේ.ඒ.එස්.යූ. ජයතුංග (අනුරාධපුරය) - 1:41.24
9. ජේ.ඒ. අසංකි ලංකා වාසනා (කලුතර) - 1:47.23
10. ප්‍රියංගනී සිරිසේන (අනුරාධපුරය) - 1:48.26

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්...
2018-01-21 11:50:03
තිසර පෙරේරාගේ (නොදැවී 39 සහ 33/4) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකා හ...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
2018-01-19 17:45:39
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි...
හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා...
2018-01-18 22:16:15
තමන්ගේ හිටපු පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය බිය නොවන බව බංග්ලාදේශ එක්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය...
කවුරු පුහුණුකරු වුනත් වැඩක් නෑ. අපේ අයට දැන් පණ නෑ. හොඳම වැඩේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන මදක් අඩු කරලා අනෙක් ක්‍රීඩා වලට තැන දෙන එකයි. දැන් ඉන්න කට්ටි...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
ලංකාවේ ඔක්කොම අංජ බජල් ...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
අසේල ගුණරත්න ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැටළුවක්. ඉන්දියානු සංචාරයේ තරමක් අසාර්ථක වුණත් ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිටිය යුතුම සටන්කාමී ක්‍රීඩකයෙක්. ඉහල පව...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
දැන් තමයි හොඳම ටීම් එක ඉන්නේ... සුබ පතමි...
මනසින් ගනුදෙනු කරන හතුරුසිංහ ...
නියමයි.. වෙන්න ඕනේ ඒ දේ තමයි... සුබපැතුම් !!! ...