. සංගා 8 වැනි ශතකයත් ලබාගනී | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා
සංගා 8 වැනි ශතකයත් ලබාගනී
2017-09-21 18:54:33 | .

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කර මෙවර තරගවාරයේ 8 වැනි පළමු පෙළ ශතකය ලබාගැනීමට අද (21 වැනිදා) සමත් විය.

සිය අවසන් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින සංගක්කාර, සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව මේ දින වලදී පැවැත්වෙන සිවුදින තරගයේදී ලකුණු 157 ක් රැස්කළේය. සංගක්කාරගේ  පන්දු 238 ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 20 කින් අලංකාර වී තිබිණ.

ඔලී පොප් (50) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර ඉන් නොනැවතී රිකි ක්ලාක් (50) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 269 ක් ලබාගත් අතර සංගක්කාරගේ ශතකය නිසා ඊට පිළිතුරු වශයෙන් සරේ ප්‍රාන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 433 ක් ලබාගැනීමට හැකි විය.

මේ වන විට 39 වැනි වියේ පසුවන සංගක්කාර, මෙවර ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කළ 13 වැනි ඉනිම මෙයයි. ඉන් 8 කදී ශතක ලබාගැනීමට ඔහු සමත් වී තිබේ. මේ දක්වා තරගාවලියේ වැඩිම ශතක ලභියා බවට පත්ව සිටින සංගක්කාර තරග 9 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1407 කි.


2017 එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සංගක්කාරගේ ශතක ලබාගැනීම්

114 සහ 120 - මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව
164 සහ 180 - යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහිව
136          - ලැන්කෂයර් ප්‍රාන්තයට එරෙහිව
105          - වොවික්ෂයර් ප්‍රාන්තයට එරෙහිව
200          - එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව
157          - සමර්සෙට් ප්‍රාන්තයට එරෙහිව


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි...
2017-10-16 23:28:36
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක...