. ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
ක්‍රිකට් ක්‍රීඩකයෝ පරීක්‍ෂණයක් ඉල්ලති
2017-09-22 21:01:21 | ...

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් හිටපු ක්‍රීඩකයන් වරින් වර විවිධ ප්‍රකාශ කරමින් තමන් ඇතුළු සහෝදර ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ දමන බවත් ඔවුන්ගේ අභූත චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙසත් ඉල්ලා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ එක්දින නායක උපුල් තරංග විසින්  ක්‍රිකට් ආයතනය වෙත බාරදුන් ලිපිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

අදිසි හස්ත මගින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකට රූපවාහිනී නාලිකාවකට කරන  ලද ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, උප නායක ඇතුළු ගිවිසුම්ගත ක්‍රීඩකයන් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත.


සැප්තැම්බර් 08 වැනි දින රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ වැඩ සටහනකට සම්බන්ධ වෙමින් කරන ලද ප්‍රකාශ නවයක් පිළිබඳ කරුණු දක්වන ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔහුගේ ප්‍රකාශය තුළින් තමන් බලවත් කම්පනයට ලක්වූ බවත් එමගින් සාමාන්‍ය ජනතාව හා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉමහත් අවිශ්වාසයක් හා කණස්සල්ලක් ඇති කෙරෙන බවත් පවසති.


ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස 200්‍ර ක්ම කැපවීමෙන් කටයුතු කරන අතර තමන්ගේ පවුලේ අය සමග ගත කරන කාලයද කැපකරමින් මව්බිම වෙනුවෙන් ක්‍රිඩා කරන විට අස්භාවික ලෙස හෝ අදිසි හස්තවල බලපෑමකට යටත්ව රටට ජයග්‍රහණයක් අහිමි කිරීමට පෙළඹේ යැයි කිසිවකු සිතීම විමතියට කරුණක් බවත් ඔවුහු පවසති.


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සාමුහික වශයෙන් මෙම අභූත චෝදනා ප්‍රතික්‍ෂේප කරන ක්‍රීඩකයෝ ඒ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කැඳවා එම චෝදනා පිළිබඳව කරුණු විමසන ලෙසත් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිති.


එවැනි ඕනෑම පරීක්‍ෂණයකට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස තමන් සියලුදෙනා උපරිම සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දෙන මෙම ක්‍රීඩකයෝ මින් ඉදිරියටද ක්‍රිකට් ක්‍රීඩාවට වගකිවයුතු හා ඍජුවම සම්බන්ධ පුද්ගලයින් ක්‍රීඩකයින් කෙරෙහි චෝදනා එල්ල කළ සැණින් ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.

රුවන්2017-09-23 05:23:32
පරීක්ෂණයක් තියනවා නම් ඒක සී.අයි.ඩී. එකට දෙන්න ඕනෑ. ඒ වගේම හැම ක්‍රීඩකයෙක්ගේම වත්කම් විගණනය කරන්නත් ඕනෑ. ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් තියනවා කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්..

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...