. කෝලි තවත් වාර්තාවක් අභියස | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා
කෝලි තවත් වාර්තාවක් අභියස
2017-09-23 20:27:41 | .

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයේදී තවත් වාර්තාවක් සම කිරීමට ඉන්දීය කණ්ඩායම් නායක විරාට් කෝලි සූදානමින් සිටියි. ඒ ඉන්දීය කණ්ඩායමක් පිටපිට වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් කරා මෙහෙයවූ නායකයා බවට පත්වෙමිනි.

මහේන්ද්‍ර සිං දෝනි 2008 වසරේදී පිට පිටම තරග 9 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් එම වාර්තාව පිහිටුවා ඇති අතර විරාට් කෝලි මේ වන විට පිට පිටම තරග 8 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් එම වාර්තාවට තවත් ජයග්‍රහණයක් පසු පසින් සිටියි.

ඒ අනුව හෙට පැවැත්වෙන තරගයේදී ඕස්ටේ්‍රලියාව පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායමට හැකි වුවහොත් කෝලිට 2008 වසරේදී දෝනි විසින් පිහිටුවන ලද වාර්තාව සම කිරීමේ අවස්ථාව තිබේ.

මින් පෙර 2013 වසරේදීද කෝලි පිට පිටම තරග 8 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින් එම වාර්තාව අභියසටම පැමිණියද, 9 වැනි තරගය පරාජය වීම නිසා එම වාර්තාව සම කිරීමේ අවස්ථාව ඔහුට මඟහැරී ගියේය.

කෝලිට අමතරව සෞරව් ගංගුලි 2003 වසරේදීද, රාහුල් ඩ්‍රාවිඩ් 2006 වසරේදීද සිය නායකත්වයන් යටතේ පිට පිටම තරග 8 කදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙයෙහවීමට සමත් වූහ.

මේ දිනවල ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටියි.


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජයසූරිය - තරංග වාර්තාව නූලෙන් බේරෙයි...
2017-10-16 17:02:47
ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත...
පාකිස්තානයට ලකුණු 32 ක ජයක්...
2017-10-16 23:00:31
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙ...
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
ශ්‍රී ලංකා පිල ලාහෝර් යැවීමේ තීරණය ස්ථිරයි...
2017-10-16 23:28:36
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක...