. ශ්‍රී ලංකා පිලේ සිහිනය බිඳවැටෙයි | කෙළිමඬල
2018 ජනවාරි මස 17 වැනි බදාදා
ශ්‍රී ලංකා පිලේ සිහිනය බිඳවැටෙයි
2017-09-24 14:56:08 | මොහාන් ප්‍රනාන්දු

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි දිනය වන අද (24 වැනිදා) පැවැති කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදි හොං කොං පිල විසින් ශ්‍රී ලංකා කණ්ඩායම 31 - 12 ක් ලෙසින් පරාජය කරන ලදි. මෙම පරාජය නිසා කුසලාන වටයේ අවසන් කණ්ඩායම් හතරට එක්වීමේ ශ්‍රී ලංකා සිහිනය බිඳ වැටිණි. 

සෙනසුරාදා පැවැති මූලික වටයේ තරගවලදී ප්‍රබල හොංකොං පිල සත්කාරක දකුණු කොරියාව හමුවේ අනපේක්ෂිත අයුරින් පරාජයට පත්වීම නිසා අර්ධ අවසන් පූර්ව තරගයේදීත් එවැනි පරාජයක් හොංකොං පිලට අත්කරදීමේ අදිටනින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේය.

එහෙත් ශ්‍රී ලංකා පිලට තරගය පුරාම රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි. 

උත්සාහක දිනුම් 5 ක්ම තැබූ හොංකොං පිල ඉන් 3 ක්ම ගෝල බවට ප්‍රවර්ථනය කරගත්තේය. කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක නිරතවූ හොංකොං පිලේ ජෝන් නෙවිල් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබීමට සමත්විය. 

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක සුදර්ශන මුතුතන්ත්‍රී සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් තැබූ අතර චානක චන්දිමාල් ඉන් එක් දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව පළඟ ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට සේන්දුවී සිටි.

එහිදී ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදියා බවට පත්වී ඇත්තේ කුසලානය සඳහා වන අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරගයකින් ජපානය හමුවේ ලකුණු 34-5 කින් පරාජයට පත්වූ පිලිපීන කණ්ඩායමයි. 

කුසලාන තරගාවලියේ සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලදී චීන තායිපේ පිල ලකුණු 52-7 කින් පරාජය කිරිමට සත්කාරක දකුණු කොරියාව සමත්වූ අතර චීනය විසින් ලකුණු 36-10 කින් මැලේසියාව පරාජය කරන ලදි. 

සාමාන්‍යයෙන් ආසියානු සත් සාමාජික රග්බි පිටියේ කුසලාන වටයේ අවසන් මහා තරගයේදී මුණගැසෙන ජපානය සහ හොංකොං කණ්ඩායම් මෙවර තරගාවලියේදී වේලාසනින්ම මුණගැසෙන්නේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේදීය.

අනික් අවසන් පූර්ව තරගය චීනය හා දකුණු කොරියාව අතර පැවැත්වෙයි. 

පළඟ ශූරතා පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවැත්වෙයි. එහි අනෙක් අවසන් පූර්ව තරගය චීන තායිපේ සහ මැලේසියාව අතර පැවැත්වේ. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ස්ථාන දෙකක් ඉහළට...
2018-01-10 13:33:08
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයත් අවසානයේ ශ්‍රේණිගත කිරීම් යාවත් කාලීන කිරීමෙන් අනතු...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
2018-01-15 14:30:23
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බෙහෙවින් අයසට පත්ව සිටින කණ්ඩායමක් වූවත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීමේ අභියෝගය තමන් සතුටින් බාරගන්න...
මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති...
2018-01-14 18:21:25
කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩා...
පොඩි තෙන්ඩුල්කාර් වැඩට බසී...
2018-01-11 19:48:14
සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් මේ දැනටමත් පුවත් මැවිමට සමත්වී සිටී. තවමත් 18 වියේ පසුවන අර්ජුන් ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි ...