. ශ්‍රී ලංකාවට 10-0 ක ඛේදජනක පරාජයක් | කෙළිමඬල
2018 මැයි මස 25 වැනි සිකුරාදා
ශ්‍රී ලංකාවට 10-0 ක ඛේදජනක පරාජයක්
2017-09-26 17:37:25 | නාමල් පතිරගේ

‘රියාද්’ නුවරදී පැවති ආසියානු සමුළු වයස 16න් පහළ පාපන්දු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ ලීග් තරග වටයට සහභාගි වූ ශ්‍රී ලංකාව එහිදී මුහුණ දුන් අවසන් තරගයේදී සත්කාරක සෞදි අරාබියට එරෙහිව ගෝල 10 - 0 ක දැවැන්ත පරාජයක් ලැබීය.


රටවල් පහක් සහභාගි වූ තරගාවලියේ කාලපීය ‘ඊ’ කාණ්ඩයේ තරග වටය මෙසේ රියාද් නුවරදී නිමාවට පත්වන විට ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හතරෙන්ම පරාජයට පත්වූයේ එකම  තරගයකදීහෝ ප්‍රතිවාදින්ට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට අසමත් වෙමිනි. එහිදී ප්‍රතිවාදින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 29ක් රැස් කර තිබීම කැපී පෙනේ.


ජෝර්දානයට එරෙහිව ගෝල 6-0 කින්ද උස්බෙකිස්ථානයට එරෙහිව ගෝල 6-0 කින්ද හා බහරෙන් රාජ්‍යයට එරෙහිව ගෝල 7-0 කින්ද ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ.


ඒ කාණ්ඩයේ රටවල් පහෙන් වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් ජෝර්දානය හා සෞදි අරාබිය තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්හ.
සෞදි අරාබිය තරගයේ පළමු භාගයේදී ගෝල 6-0 කින් ඉදිරියට පැමිණ තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ඒ.ආර්. තනුජාන්ගේ අතපසුවීමකින් ශ්‍රී ලංකා දැල තුළට ඔහු විසින්ම පන්දුව යොමු කිරීමෙන්ද සෞදි කණ්ඩායමට තවත් ගෝලයක් හිමිවිය. තරගයේ 20, 23, 27, 34, 35, 45, 46, 55, 64, 71 යන විනාඩි වලදී සෞදි කණ්ඩායමේ ගෝල වාර්තාවීම කැපී පෙණුනි.


මේ වන විට භූතානයේ තිම්පු නුවරදී ආසියානු සමුළු වයස 18 න් පහළ බාලක තරගාවලියේ මූලික වටය පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව සහභාගි නොවේ. පසුගිය 20 වැනිදා ආරම්භ වූ එය අද (27) නිමාවට පත්වීමට නියමිතව තිබුණි.


තිම්පු තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගිවීම ඉවත් කර ගෙන ඇත්තේ නිල තරග කාලසටහන එළිදැක්වීමෙන් පසුව බව වාර්තාවේ. ඒ හේතුවෙන් රටවල් පහකට සීමා වූ තරගාවලියේ ශූරයන් තෝරා ගැනෙන පිළිමලුන් පිටුදැකීමේ තරග වටය අහෝසි කරමින් ලීග් ක්‍රමයට එහි ශූරයන් තෝරා ගැනීමට ආසියානු පාපන්දු සමුළුව තීරණය කළ බවද වාර්තාවේ.


‘තිම්පු’ නුවරට ගොස් සිටින දකුණු ආසියානු පාපන්දු සමුළුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රුද්‍රිගු මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ මෙම තරග මාලා සඳහා සහභාගි වන දකුණු ආසියානු කලාපයේ රටවලට ඒ සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර හා නවාතැන් පහසුකම් සැපයීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තීරණයක් ගෙන තිබූ බවය.


රියාද් නුවර දී පැවති තරගාවලියේදී මෙන්ම පසුගිය අගෝස්තු මාසයේ කත්මන්ඩු නුවරදී පැවති සාෆ් වයස 15 න් පහළ තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස ජපන් ජාතික සුසුකි විතාෂි මහතා කටයුතු කළේය.


කත්මන්ඩු තරගාවලියේදීද ශ්‍රී ලංකාව කිසිදු තරගයක් ජය ගැනීමට අපොහොසත් විය.

ඔබේ ප්‍රතිචාර
චමින්ද මඩවල2017-09-26 16:06:57
ක්‍රීඩාවභාර ඇමතිතුමෝ, ක්‍රිකට් ක්‍රීඩාවට පුහුණුකරුවන් විදේශයෙන් ගෙන්වනවා වගේ මේ ක්‍රීඩාවටත් මුල් තැන දෙන්න. පළාත් මට්ටමින් ක්‍රීඩකයින් තෝරා ගැනීමටත්, ජාතික කණ්ඩායමේ පුහුණු කරුවෙකු විදියටත්, පුහුණු කරුවන් දෙදෙනෙක් ලංකාවට ගේන්න. (අත්දැකීම් ඇති, ඉතාලිය ප්‍රංශය ස්පාඤ්ඤය, ජර්මනිය වැනි රටවලින්) එහෙම වුණොත්, තව අවුරුදු 10කින් අපේ පාපන්දු ක්‍රීඩාව කොතනද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
බැංගලෝර් - මුම්බායි තරගාවලියෙන් ඉවතට...
2018-05-20 22:14:42
අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙන මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් වලට මේ වසරේදී (2018)...
දෙවරක් දිනුවොත් රජකම වසර 8 කට...
2018-05-18 21:36:01
ශ්‍රී ලංකාවේ බලවත්ම ජාතික ක්‍රීඩා සංගමය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ශ්‍රී ල...
පැරණි ක්‍රීඩකයන්ගෙන් අලුත් සූදානමක්...
2018-05-23 11:43:56
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නිසි මඟකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඒකර...
චෙන්නායි පිල අවසන් තරගයට...
2018-05-22 18:53:38
හුදකලා සටනක නිරතවූ ෆැෆ් ඩු ප්ලේසීස්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට චෙන්...