. ශ්‍රී ලංකා පිල ආසියානු තරගාවලියට යයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 24 වැනි අගහරුවාදා
ශ්‍රී ලංකා පිල ආසියානු තරගාවලියට යයි
2017-09-26 17:59:26 | ශානුක අරවින්ද

ඔක්තෝබර් මස 2 වැනිදා සිට 8 වැනිදා දක්වා තායිවානයේදී පැවැත්වෙන ආසියානු බේස්බෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 30 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකාව ආසියානු බේස්බෝල් තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය වන අතර පාකිස්තානයේදී පැවැති බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ රන් පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.


ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස අකලංක රණසිංහ කටයුතු කරයි. සමීර රත්නායක කණ්ඩායමේ උප නායකත්වය දරයි.


මලිඳු හේවගේ මහතා කණ්ඩායමේ ප්‍රධන පුහුණුකරු ලෙස තරගාවලියට සහභාගි වන අතර ඔහුගේ සහායට තවත් දේශීය පුහුණුකරුවෙක් සහ ජපන් ජාතික පුහුණුකරුවෙක්ද කණ්ඩායමට එක්ව සිටිති.


බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වන ආසියානු කලාපයේ රටවල් 27 ක් අතරින් රටවල් 8 ක් පමණක් මෙම තරගාවලිය සඳහා තෝරා ගැනෙන අතර ශ්‍රී ලංකාවට අමතරව කොරියාව, චීන තායිපේ, පිලිපීනය, ජපානය, චීනය, හොං කොං සහ පාකිස්තානය යන රටවල්ද මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.


මූලික වටයේදී එම රටවල් 8 ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ 2 කට බෙදී ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර එහිදී එම කණ්ඩායම් ලබාගන්නා ස්ථාන අනුව දෙවැනි වටයේදී ඔවුන් තරග වදින ආකාරය තීරණය වේ.


දෙවැනි වටයේදී පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක තරගාවලියේ රන් සහ රිදී පදක්කම් සඳහා තරග වදින අතර තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට නියමිතය.


කොරියාව, චීන තායිපේ, පිලිපීනය සහ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේද, ජපානය, චීනය, හොං කොං සහ පාකිස්තානය ‘බී’ කාණ්ඩය යටතේද මූලික වටයේදී තරග වදින අතර තරගාවලිය ආරම්භ කරමින් කොරියාවට එරෙහිව ශ්‍රී ලංකාව 2 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතය.


මෙම තරගාවලිය ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහාද සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස සැලකේ.

 


ශ්‍රී ලංකා කණ්ඩායම

අකලංක රණසිංහ (නායක), සමීර රත්නායක (උප නායක), සංජීව ජයරත්න, සාලිය විජේසිංහ, තරිඳු මධුමාල්, සම්පත් රුවන්කුමාර, ශෂික දුල්ෂාන්, චරිත් කරුණාරත්න, චාමික යසස්, නිලංක කරුණාරත්න, ඉෂාර ගුණසිරි, දිල්ෂාන් ප්‍රියදර්ශන, නවීන් අනුරාධ, සංජීව මාන්නඋතුම්, සඳුන් මධුෂංක, ක්‍රිෂ්ණ හපුආරච්චි, අශාන් වීරසේකර, අරුණ ශාන්ත, සහන් අවිෂ්ක, ධිලින නිස්සංක, සුපුන් අබේසූරිය, කෞෂල්‍ය ප්‍රබුද්ධ, අසංක ලක්මාල් සහ අමිල පුෂ්පකුමාර

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්...
2017-10-19 21:17:07
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා...
බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති...
2017-10-20 21:10:21
බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්&zw...
ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි ...
2017-10-17 21:30:26
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්...