. විනිශ්චය බාරගන්න දෙපිලක් කඹ අදිති | කෙළිමඬල
2018 ජනවාරි මස 23 වැනි අගහරුවාදා
විනිශ්චය බාරගන්න දෙපිලක් කඹ අදිති
2017-09-27 13:40:06 | නාමල් පතිරගේ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ විනිශ්චය කටයුතු මෙහෙයවීම බාහිර පාර්ශ්වයකට පවරා ඇතැයි චෝදනා කරන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට සිය විරෝධය පළ කර තිබේ.

ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින කෝට්ටේ පාර්ලිමේන්තුව අවට මාර්ගයේදී සමස්ත ලංකා පාසල් ක්‍රීඩා පාපැදි තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එම තරගාවලිය මෙහෙයවීම සඳහා විනිසුරුවරුන්, තීරකවරුන් හා නිලධාරීන් 32 දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය පත්කර තිබේ.

වයස 16 සිට 20 දක්වා වන බාලක සහ බාලිකා තරග ඉසව් සමස්ත ලංකා පාසල් පාපැදි තරගාවලියට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සේනක රණසිංහ මහතා ලංකාදීපයට පැවසුවේ, මෙම පාසල් තරගාවලිය ජාතික වැදගත්කමක් ගන්නා තරගාවලියක් වන බැවින් එහි විනිසුරු මණ්ඩලය නිර්දේශ කිරීමේ හිමිකම ඇත්තේ පාපැදි සම්මේලනයට බවයි. 

මෙම පාපැදි තරගාවලිය ජාත්‍යන්තර පාපැදි තරග නීති රීතිවලට අනුව සංවිධානය කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සිය තරග මාර්ගෝපදේශන සංග්‍රහයේ හා තාක්ෂණික අත්පොතේ සඳහන් කර තිබුණත් තරගාවලිය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර තරග නීති රීතිවලට පටහැනිව බවත් සේනක රණසිංහ මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතා දැනුවත් කළත් ඔහු පාපැදි සම්මේලනයේ ඉල්ලීමට අනුකූලතාවයක් නොදැක්වූ බවත්, ඒ සම්බන්ධයෙන් පාපැදි සම්මේලනයේ විධායක සභාව දැනුම්වත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සේනක රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දුන් සුනිල් ජයවීර මහතා අධ්‍යාපන අමාත්‍යාංශය වසර ගණනාවක් පුරා පවත්වාගෙන යන ක්‍රමවේදයම අනුගමනය කරමින් මෙවරත් සමස්ත ලංකා පාසල් පාපැදි තරගාවලියට ශ්‍රී ලංකා පාසල් පාපැදි සංගමයෙන් විනිසුරුවන් ලබාගෙන තිබෙන බව පැවසීය.

“අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන මේ පාපැදි තරගාවලියේ කටයුතුවලට බලපෑම් කරන්න කිසිදු පාර්ශ්වයකට අයිතියක් නෑ. මේ ක්‍රමවේදයට තමයි අපි අවුරුදු ගණනාවක් පුරාම පාපැදි තරගාවලිය සංවිධානය කළේ. මෙතන කිසිම ගැළුලුක් නෑ”

“තරග විනිශ්චය කරන්නේ පාසල් පාපැදි සංගමයේ පළපුරුදු විනිසුරු මණ්ඩලයක්” යැයි ද සුනිල් ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් සුනිල් ජයවීර මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන සේනක රණසිංහ මහතා පවසන්නේ පාසල් පාපැදි සංගමය මේ වන විට ක්‍රියාකාරී නොවන බවට පාපැදි සම්මේලනයට වාර්තා වී තිබෙන බවයි.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්...
2018-01-21 11:50:03
තිසර පෙරේරාගේ (නොදැවී 39 සහ 33/4) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකා හ...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
2018-01-19 17:45:39
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි...
හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා...
2018-01-18 22:16:15
තමන්ගේ හිටපු පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය බිය නොවන බව බංග්ලාදේශ එක්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය...
කවුරු පුහුණුකරු වුනත් වැඩක් නෑ. අපේ අයට දැන් පණ නෑ. හොඳම වැඩේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන මදක් අඩු කරලා අනෙක් ක්‍රීඩා වලට තැන දෙන එකයි. දැන් ඉන්න කට්ටි...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
ලංකාවේ ඔක්කොම අංජ බජල් ...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
අසේල ගුණරත්න ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැටළුවක්. ඉන්දියානු සංචාරයේ තරමක් අසාර්ථක වුණත් ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිටිය යුතුම සටන්කාමී ක්‍රීඩකයෙක්. ඉහල පව...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
දැන් තමයි හොඳම ටීම් එක ඉන්නේ... සුබ පතමි...
මනසින් ගනුදෙනු කරන හතුරුසිංහ ...
නියමයි.. වෙන්න ඕනේ ඒ දේ තමයි... සුබපැතුම් !!! ...