. ජාතික පාසල් ක්‍රීඩා ඔක්තෝබර් 2 දා සිට | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 26 වැනි බ‍්‍රහස්පතින්දා
ජාතික පාසල් ක්‍රීඩා ඔක්තෝබර් 2 දා සිට
2017-09-28 20:51:46 | සුසිල් ප්‍රේමලාල්

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ මිනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස හඳුන්වනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ලබන ඔක්තෝබර් 2 සිට 15 දක්වා දින 14ක් කොළඹ නගරය කේන්ද්‍ර කරමින් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විධි විධාන යොදා ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 33 වැනි වරටත් මෙහෙයවනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 28ක් අයත් වන අතර ඊට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙන පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 39700 ඉක්මවනු ඇත. කොළඹ, සීදූව, මීගමුව, පානදුර, මොරටුව, දෙහිවල, රත්මලාන සහ ගල්කිස්ස නගර ආශ්‍රිතව ක්‍රීඩාංගන 48 ක මෙම පාසල් ක්‍රීඩා උළෙල පැවැත්වේ.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඔක්තෝම්බර් 2 දා ප.ව 2.30 ට ජාතික පාසල් ක්‍රීඩා නිර්මාතෘ (1984) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා ක්‍රීඩා 5 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 ක් සහභාගීකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඔක්තෝම්බර් 3 සිට කණ්ඩායම් තරග ඇරඹීමටත්, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් 11 සිට 15 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටත් කටයුතු සම්පාදනය කර ඇත.
ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ඔක්තෝම්බර් 15 දා ප.ව 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ක්‍රීඩා උළෙල සඳහා රුපියල් මිලයන 55 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති අතර වෙළෙඳ ආයතන 4 ක් (නෙස්ලේ ලංකා සමාගම, සිංගර් ආයතනය, ප්‍රීමා ආයතනය සහ ලංකා බැංකුව) ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී ඇත.

මෙවර සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාවට රු.20,000ක තැන්පතු ගිණුම් ආරම්භ කිරීමට ලංකා බැංකුව ඉදිරිපත් වී ඇත.

සමාරම්භක දිනයේ ඔලිම්පික් පහන දැල්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභී ශා.පීතර විදුහලේ පිහිනුම් ක්‍රීඩකයකු වන අකලංක පීරිස්ද  සහ වෙන්නප්පුව ශූද්ධ වූ කන්‍යාරාමයේ මලල ක්‍රීඩිකාවක වන හසිනි ප්‍රබෝධා බාලසූරියද තෝරා ගෙන ඇත.

ඔක්තෝබර් 3 සිට 5 දක්වා බැඞ්මින්ටන්, චෙස්, දැල්පන්දු, පිහිනුම්, එරොබික් ජිම්නාස්ටික්, කරාටේ, කබඩි, කැරම්, මේස පන්දු, ත්‍රෝබෝල්, බර එසවීම සහ මල්ලව පොර යන ක්‍රීඩා තරග පැවැත්වේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද...
2018-04-24 21:26:25
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එම තරගාවලි...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...