. ලක්ෂ්මි ආපසු එයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 24 වැනි අගහරුවාදා
ලක්ෂ්මි ආපසු එයි
2017-09-29 20:29:29 | නාමල් පතිරගේ

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලධාරි මණ්ඩලය සම්පූර්ණ කර ගැනීම සඳහා ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී අද (29) පැවැති එහි විශේෂ මහ සභා රැස්වීමේදී උපසභාපති ධුරය සඳහා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක් වන ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය වැඩි ඡන්දයෙන් තේරී පත්වූවාය.

එහිදී එම ධුරය පිරවීම සඳහා පැවැති ඡන්ද විමසුමේදී ඇය ඡන්ද 19 ක් ලබාගත් අතර ඊට තරග වැදුණු ශාමෙන් දිල්ෂියා ක්‍රිස්ටින් ඇලෝසියස් මහත්මිය ලබා ගත්තේ ඡන්ද 13 ක් පමණි.

භාණ්ඩාගාරික ධුරය සඳහා පැවැති ඡන්ද විමසුම උණුසුම් මුහුණු වරක් ගත් අතර එහිදී ඒ.එම්.පී. නිලන්ති මහත්මිය පද්මිණි ජයන්තා හොරණගේ මහත්මිය පරාජය කරමින් (ඡන්ද 17-15) එම ධුරයට පත්වූවාය. ඊයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී පුෂ්පා එලුවාවිල මහත්මිය උපභාණ්ඩාගාරික ධුරයට පත්වූයේද වැඩි ඡන්ද දෙකකිනි. කේ.එම්. නිමාලි ශ්‍රී ද සිල්වා මහත්මිය ඇය සමග තරග වැදුණු ප්‍රතිවාදිනියයි. 17-15ක් ලෙස එම ඡන්ද විමසුමද නිමාවට පත්විය.

මැයි 18 වැනිදා පැවැති දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේදී ඉදිරිපත්වූ විරෝධතා හමුවේ එහිදී ඉහත තනතුරු පිරවීම අත්හිටුවීමට සිදුවිය. ඊයේ පැවැති විශේෂ මහ සභා රැස්වීමට කළුතර හා පාසල් යන අනුබද්ධ දැල්පන්දු සංගම් දෙක හැරෙන්නට සෙසු අනුබද්ධ සංගම් 30ක නියෝජිතවරියෝ සහභාගි වූහ.

මඩකළපුව සංගමයට එරෙහිව ඉදිරිපත්වූ විරෝධතාවයන් නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කරනු ලැබීය. සජිත් ජයලාල්, ඒ. එස්. නාලක, අප්සරා කල්දේරා යන මහත්ම මහත්මීහු නිලවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

සභාවේ ඒකමතික කැමැත්ත ලැබීමෙන් පසුව නිලවරණයේ ඡන්ද විමසුම රහස් ඡන්දයක් මගින් පැවැත්වීමට තීරණය විය. ඊයේ පැවැති විශේෂ මහ සභා රැස්වීම වඩාත් සාමකාමීව පවත්වා අවසන් කිරීමට හැකිවූ බව නිලවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජික ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ලංකාදීපට පැවැසීය.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්...
2017-10-19 21:17:07
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා...
බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති...
2017-10-20 21:10:21
බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්&zw...
ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි ...
2017-10-17 21:30:26
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්...