. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරඹෙයි | කෙළිමඬල
2018 ජනවාරි මස 23 වැනි අගහරුවාදා
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරඹෙයි
2017-10-02 20:04:53 | ශානුක අරවින්ද

තිස් තුන්වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී නිල වශයෙන් අද (2 වැනිදා) ආරම්භ විය. එම  අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරු රැසක්ද සහභාගි වූහ.

මෙම තරගාවලිය යටතේ අද සිට දින 14 ක් පුරා (15 වැනිදා දක්වා) ස්ථාන 42 කදී තරග පැවැත්වේ. ක්‍රීඩා උළෙලට ක්‍රීඩා ඉසව් 28 ක් සඳහා තරග පැවැත්වෙන අතර ඊට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 38,000 ක් පමණ සහභාගි වීමට නියමිතය. මෙවර ක්‍රීඩා උළෙලට වෙරළ වොලිබෝල් සහ රගර් යන ක්‍රීඩා අලුතින් එක් කිරීමට සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

බැඞ්මින්ටන්, චෙස්, දැල්පන්දු, පිහිනුම්, ඒරොබික් ජිම්නාස්ටික්, කරාටේ, කබඩි, කැරම්, ශාරීරික අභ්‍යාස, ත්‍රෝ බෝල්, මල්ලවපොර, අර්ධ මැරතන්, පාපන්දු, පැසිපන්දු, හොකී, ක්‍රිකට්, බර එසවීම, පාපැදි, ටයිකොන්ඩෝ, මලල ක්‍රීඩා, බොක්සිං, වොලිබෝල්, ජිම්නාස්ටික්, ජූඩෝ, මේසපන්දු, එල්ලේ, වෙරළ වොලිබෝල් සහ රගර් මෙවර ක්‍රීඩා උළෙලේදී පැවැත්වෙන ක්‍රීඩා 28 යි.

අද පැවැති සමාරම්භක උළෙල සඳහා පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9000 ක් පමණ සහභාගි වූහ. බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් (පිහිනුම් ක්‍රීඩක) සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හසිනි ප්‍රබෝධා (තුන් පිම්ම ක්‍රීඩිකා) ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දල්වූහ. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා ප්‍රතිඥාව කියවන ලද්දේ කොළඹ විශාකා විදුහලේ දැල්පන්දු ක්‍රීඩිකාවන වන මෙලෝනි අමා විජේසිංහ විසිනි.

ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වැනිදා දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

- 100


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්...
2018-01-21 11:50:03
තිසර පෙරේරාගේ (නොදැවී 39 සහ 33/4) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකා හ...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
2018-01-19 17:45:39
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි...
හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා...
2018-01-18 22:16:15
තමන්ගේ හිටපු පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය බිය නොවන බව බංග්ලාදේශ එක්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය...
කවුරු පුහුණුකරු වුනත් වැඩක් නෑ. අපේ අයට දැන් පණ නෑ. හොඳම වැඩේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන මදක් අඩු කරලා අනෙක් ක්‍රීඩා වලට තැන දෙන එකයි. දැන් ඉන්න කට්ටි...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
ලංකාවේ ඔක්කොම අංජ බජල් ...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
අසේල ගුණරත්න ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැටළුවක්. ඉන්දියානු සංචාරයේ තරමක් අසාර්ථක වුණත් ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිටිය යුතුම සටන්කාමී ක්‍රීඩකයෙක්. ඉහල පව...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
දැන් තමයි හොඳම ටීම් එක ඉන්නේ... සුබ පතමි...
මනසින් ගනුදෙනු කරන හතුරුසිංහ ...
නියමයි.. වෙන්න ඕනේ ඒ දේ තමයි... සුබපැතුම් !!! ...