. දවිසමර - ආණමඩුව ම.වි. ශූරතා දිනති | කෙළිමඬල
2018 අපේ‍්‍රල් මස 26 වැනි බ‍්‍රහස්පතින්දා
දවිසමර - ආණමඩුව ම.වි. ශූරතා දිනති
2017-10-04 17:46:01 | සුසිල් ප්‍රේමලාල්

මීගමුව වෙරළ තීරයේ දී අද (4 දා) අවසන් වූ සමස්ත ලංකා පාසල් වෙරළ වොලිබෝල් තරගාවලියේදී සීදූව දවිසමර විදුහල සහ ආණමඩුව මහ විදුහල විසින් පිළිවෙලින් බාලක සහ බාලිකා ශූරතා ගන්නා ලදහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ හා ඒ අවට නගර කිහිපයක දැන් ක්‍රියාත්මක 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල යටතේ මෙම වෙරළ වොලිබෝල් තරගාවලිය පැවැත්විණි.

සීදූව දවිසමර විදුහල විසින් වව්නියාව සිරි සුමන මහ විදුහල තරග වට 2-1 කින් පරදවා වෙරළ වොලිබෝල් බාලක ශූරතාව දිනා ගත්තේය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 19-21, 21-19 සහ 17-15 ලෙසින් සටහන් විය.

බාලිකා තරගාවලියේ අවසන් තරගයේදී ආණමඩුව මහා විදුහල විසින් වෑකඩ මහා විදුහල තරග වට 2-0 කින් පරදා බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 21-10 සහ 21-11 ලෙසින් සටහන් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දවිසමර විදුහලේ මිහිරංග උදය කුමාර සම්මාන දිනාගත්තේය. ආණමඩුව මහ විදුහලේ තරුෂි අයෝධ්‍යා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.


තරග ප්‍රතිපල -

වයස අවු 20න් පහළ බාලක
ශූරතාව - දවිසමර විදුහල - සීදූව (බස්නාහිර පළාත)
අනු ශූරතාව - සිරිසුමන මහ විදුහල -වවුනියාව (උතුරු පළාත)

3 වැනි ස්ථානය - කොණ්ඩලාරු දෙමළ විදුහල - යාපනය (උතුරු පළාත)
දක්ෂතම ක්‍රීඩකයා - මිහිරංග උදය කුමාර (දවිසමර විදුහල)

 

තරග ප්‍රතිපල -

වයස අවු 20න් පහළ බාලිකා
ශූරතාව - ආණමඩුව මහ විදුහල - ආණමඩුව (වයඹ පළාත)
අනු ශූරතාව - වෑකඩ මහා විදුහල - හලාවත (වයඹ පළාත)

3 වැනි ස්ථානය- දෙනියාය මහ විදුහල- දෙනියාය (දකුණු පළාත)
දක්ෂතම ක්‍රීඩකයා - තරුෂි අයෝධ්‍යා ( ආණමඩුව මහ විදුහල)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ගේල්ගේ ශතකය පංජාබ් පිලට ජය ගෙනෙයි...
2018-04-19 20:30:02
ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන...
තිසර පෙරේරා ලෝක කණ්ඩායමට...
2018-04-20 17:54:03
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක විස්සයි-20 කණ්ඩායම අතර මැයි 31 වැනිදා ලෝඞ්ස්හීදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගය සදහා ක්‍රීඩා කිර...
මෙල්බර්න් ගිහින් ගෙනා සල්ලි පිල්ලි ගියාද...
2018-04-24 21:26:25
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එම තරගාවලි...
රාජස්ථාන් පිල කඩුලු 3 කින් ජය ගනියි...
2018-04-22 22:13:33
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 21 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද ...