. ඇලිස් ආදිත්‍යාගේ ගමනට හරස් වෙයි | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 24 වැනි අගහරුවාදා
ඇලිස් ආදිත්‍යාගේ ගමනට හරස් වෙයි
2017-10-04 18:29:33 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ඇස්ටෝරියා කාන්තා ටෙනිස් තරාගවලියේ දෙවැනි වටයේ තරගයකදී ශ්‍රී ලංකාවේ ආදිත්‍යා කරුණාරත්නට එරෙහිව වට 2-1 ක ජයක් අත්කර ගැනීමට මහා බ්‍රිතාන්‍යයේ ඇලිස් ගිලෑන් සමත් වූවාය.

කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදි පළමු වටය ලකුණු 6/4 ක් ලෙස ජයගනිමින් ඇලිස් ගිලෑන් සාර්ථක ආරම්භයක් ලබාගත්ද, දෙවැනි වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් ආදිත්‍යා කරුණාරත්න වට 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළාය. කෙසේ වුවත් දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටය ලකුණු 6/4 ක් ලෙස ජයගත් ඇලිස් ගිලෑන්, වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය.

මූලික වටයේ තරගයදී කාම්බෝජයේ ඇන්ඩ්‍රියා කා වට 2-0 ක් ලෙස පරාජය කරමින් ආදිත්‍යා තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ පළමු වටය ලකුණු 6-0 ක් ලෙස ජයගැනීමට ආදිත්‍යා සමත් වූ අතර දෙවැනි වටයේදී ලකුණු 3-0 ක් ලෙස ආදිත්‍යා ඉදිරියෙන් සිටියදී ඇන්ඩ්‍රියා තරගයෙන් ඉවත්වීම නිසා ආදිත්‍යාට වට 2-0 ක ජයක් හිමි විය.

මෙම තරගාවලියේ මූලික වටය යටතේ පැවැති තවත් තරගයකදී ඊශ්‍රාලයේ තමාරා බරාද් හමුවේ වට 2-0 ක් ලෙස (6-0, 6-0) පරාජය වීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකා රොෂෙන්කා ප්‍රනාන්දුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.  

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා රටවල් 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ 50 ක් පමණ සහභාගි වී සිටිති.

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්...
2017-10-19 21:17:07
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා...
බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති...
2017-10-20 21:10:21
බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්&zw...
ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි ...
2017-10-17 21:30:26
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්...