. ස්ටබ්ස් පළිහ බොක්සිං තරග ඇරඹේ | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
ස්ටබ්ස් පළිහ බොක්සිං තරග ඇරඹේ
2017-10-08 15:49:20 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය, ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන ‘ස්ටබ්ස් පළිහ’ බොක්සිං තරගාවලිය ඊයේ (7 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 

මෙම තරගාවලිය කාණ්ඩ 3 කින් පැවැත්වෙන අතර එහිදී පාසල් (වයස 13-14 අතර), කනිෂ්ට (වයස 15-16 අතර) සහ යොවුන් (17-18 අතර) යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ පාසල් බොක්සිං තරගාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගිවී සිටිති. 

බාලක අංශයේදී කිලෝ ග්‍රෑම් 33-35, 35-37, 37-39, 39-41, 41-43 සහ 43-45 යන බර පංති 6 යටතේ පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් සඳහා තරග පැවැත්වෙන අතර කිලෝ ග්‍රෑම් 44-46, 46-48, 48-50, 50-52 සහ 52-54 යන බර පංති 5 යටතේ කනිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩකයන් සඳහා තරග පැවැත්වේ.

යොවුන් කාණ්ඩයේ ක්‍රීඩකයන් සඳහා තරග පැවැත්වෙන්නේ කිලෝ ග්‍රෑම් 46-49, 49-52, 52-56, 56-60 සහ 60-64 බර පංති 5 යටතේය. 

බාලිකා අංශයේදී කිලෝ ග්‍රෑම් 33-35 බර පංතිය යටතේ පාසල් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් සඳහාද, කිලෝ ග්‍රෑම් 44-46 බර පංතිය යටතේ කනිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩිකාවන් සඳහාද තරග පැවැත්වෙන අතර කිලෝ ග්‍රෑම් 45-48 සහ 48-51 යන බර පංති දෙක යටතේ යොවුන් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් සඳහා තරග පැවැත්වේ. 

මෙහිදී පාසල් කාණ්ඩයේ තරග විනාඩි එකහමාර බැගින් වන වට 3 කින්ද, කනිෂ්ට කාණ්ඩයේ තරග විනාඩි 2 බැගින් වන වට 3 කින්ද සමන්විත වන අතර යොවුන් කාණ්ඩයේ තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වේ. 

මෙහි සියලු තරග අන්තර් ජාතික ආධුනික බොක්සිං සම්මේලනය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර බාලක ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ස්ටබ්ස් පළිහ හිමිවේ. 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...