. සචින් සිල්වා පෙරමුණ ගනී | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 24 වැනි අගහරුවාදා
සචින් සිල්වා පෙරමුණ ගනී
2017-10-08 17:48:54 | .

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) ආරම්භක සතිය නිමාවන විට ඡන්ද 37 ක් ලබා ගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා සමත්ව සිටියි. සචින්ට වඩා ඡන්ද 13 ක් පසුපසින් සිටින මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන කලන පෙරේරා සහ ඩිලෝන් පීරිස් පිළිවෙලන් ඡන්ද 17 ක් සහ 09 ක් බැගින් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ රවීන් යසස් ඡන්ද 15 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර බාලිකා පාසල් කාණ්ඩයේ කිසිදු ක්‍රීඩිකාවක් මෙතෙක් ඡන්ද ලබාගැනීමට සමත්ව නැත.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

www.dialog.lk/cricket/register  යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලියාපදිංචි විය හැකිය. තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.  

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ

1 ඒ. විතාරණ, 50/3/1, හීනටිකුඹුර, තලංගම උතුර, බත්තරමුල්ල  
2 බාටන් මේතර්, 13 ඒ-6/2, ෆසල් මාවත, වැල්ලවත්ත
3 ඩබ්ලිව්. එම්. ජේ. උයද කුමාර, 84/2, රත්මල්කඩුව පාර, සිංහරපිටිය, ගම්පොල
4 චානක රුවින්ද, 62, පුෂ්පාරාම පාර, පොතුපිටිය, වාද්දුව

 

- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්...
2017-10-19 21:17:07
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා...
බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති...
2017-10-20 21:10:21
බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්&zw...
ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි ...
2017-10-17 21:30:26
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්...