. අර්ජුනගෙන් ක්‍රීඩා ඇමති දයාසිරිට බවුන්සරයක් | කෙළිමඬල
2018 ජනවාරි මස 23 වැනි අගහරුවාදා
අර්ජුනගෙන් ක්‍රීඩා ඇමති දයාසිරිට බවුන්සරයක්
2017-10-09 09:42:48 | .

කළුතර කායවර්ධන කවය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය පාවාදීමට සම්බන්ධ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ප්‍රමාද වන්නේ ඇයිදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි දයාසේකර මහතාගෙන් ප්‍රශ්න කර සිටී. 

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාද වන රණතුංග මහතා සිය ආමාත්‍යංශ ලිපි ශීර්ෂයක් යොදාගනිමින් තමන්ගේම රජයේ ඇමතිවරයකුගෙන් එසේ ප්‍රශ්න කරයි. 

“පානදුර - කළුතර තරගය පාවාදීම සංවිධානාත්මක අපරාධයකි. එහි මූලික ඉලක්කය වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ප්‍රිමියර් ලීග් ‘බී’ කාණ්ඩයෙන් ‘ඒ’ කාණ්ඩයට යාම වැළැක්වීමයි..ඊට අමතරව පානදුර කණ්ඩායමට ‘ඒ’ කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගැනීමටත්, කළුතර කායවර්ධන කණ්ඩායම ප්‍රිමියර් ලීග් ‘බී’ කාණ්ඩයේ සිට සරා තරගාවලිය  දක්වා පහළ වැටීම වළක්වා ගැනීමේත් අරමුණින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට බලපෑමක් කිරීමද මෙම තරගය පාවාදීමේ අරමුණක් බව පැහැදිලිය” යයි සිය ලිපියේ සටහන් කරන හිටපු ශ්‍රී ලංකා නායකයා....

“එය චේතනාන්විතව කරන ලද වංචාවකි. අපරාධයකි. එවැනි සංවිධානාත්මක අපරාධයක් කිරීම ක්‍රීඩකයින්ට පමණක් කළ නොහැකි බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ක්‍රීඩකයින් පෙළඹවීමටත් සැලසුම් සකස් කිරීමටත් ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීම මෙන්ම  අනුදැනුම අත්‍යවශමය. ක්‍රීඩාවේ පාරිශුද්ධත්වය සුරැකීමටත් මෙවැනි අශීලාචාර ක්‍රියා තවදුරටත් සිදු නොවීමටත් මේ තරග පාවාදීම පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න හඳුනා ගැනීමද අත්‍යවශ්‍යය....” යැයිද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට යවන ලිපියෙන් අවධාරණය කරයි. 

“කළුතර - පානදුර තරග පාවාදීම සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් නොපැමිණ වීම සම්බන්ධයෙනි....” යන සිරස්තලය යටතේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා ඇමතිවරයාට යොමු කළ ලිපිය පිටු දෙකකින් යුක්තය. 

එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කරන්නේ තරග පාවාදීමට වගකිව යුතු සහ වගවීමේ ක්‍රියාවලියට බැඳෙන එකී ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ට කිසිඳු දඬුවමක් ලබා නොදීම විශ්මය දනවන කරුණක් බවයි.

තරග පාවාදීමේ සියලු පව් ක්‍රීඩකයින් වෙත පටවා එකී ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන් බේරීමේ සූක්ෂම සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වන බවද එම ලිපියේ දැක්වේ. 

2016 ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමත් කළුතර කායවර්ධන කවයේ නිලධාරී මණ්ඩලය වෙනස් වීමත් අතර ඇති සම්බන්ධය ගෙනහැර දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයා.....

“අදටත් ඔබතුමාගේ නියෝගයකට අනුව සිදු කළ පරීක්ෂණයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කර නොමැත. විවිධ උපක්‍රම යොදා ගනිමින් අදටත් කළුතර ක්‍රීඩා සමාජයේ පරිපාලනය මෙහෙයවනුයේ සුමතිපාල මහතා සභාපතිත්තවය දරන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කළ කමිටුවක් විසිනි” යයිද සිය ලිපියේ සඳහන් කරයි. 

කළුතර කායවර්ධන කවයේ වත්මන් පරිපාලනය භාරව කටයුතු කරන්නන් මෙන්ම පානදුර ක්‍රීඩා සමාජයේ දැනට සිටින නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති සම්බන්ධතාද හෙළිදරව් කරන ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකයා....

“යුක්ති ධර්මයේ සහ නීතියේ මූලධර්ම අනුව කළුතර - පානදුර තරග පාවදීම සම්බන්ධයෙන් වූ වගවීමේ සහ වගකීමේ ක්‍රියාවලියෙන් එකී ක්‍රීඩා සමාජවල ඉහළ නිලධාරීන්ට බැහැර විය නොහැකිය. එබැවින් කළුතර - පානදුර තරග පාවාදීමේ සිද්ධියට ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට පමණක් දඬුවම් පැමිණීමෙන් සෑහීමකට පත් විය නොහැක්කකි. ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට නම් එම සංවිධානාත්මක වරදට, අපරාධයට ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් පෙළඹූ ක්‍රීඩා සමාජවල ඉහළම නිලධාරීන්ට දඬුවම් පැමිණවීමද අත්‍යවශ්‍ය කරුණකි” යයිද සිය ලිපියෙන් අවධාරණය කරයි. 

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකයා මෙන්ම ක්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකුද වූ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් යවන ලද ලිපිය පහත දැක්වේ. 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
සිම්බාබ්වේට ලකුණු 12 ක ජයක්...
2018-01-17 18:45:02
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකාහිදි පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 12 ක ජයක් හිමිකර ග...
ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්...
2018-01-21 11:50:03
තිසර පෙරේරාගේ (නොදැවී 39 සහ 33/4) තුන් ඉරියව් දස්කම් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඩකා හ...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
2018-01-19 17:45:39
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි...
හතුරුසිංහට අපි බය නෑ - මොර්ටසා...
2018-01-18 22:16:15
තමන්ගේ හිටපු පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීම සම්බන්ධයෙන් බංග්ලාදේශය බිය නොවන බව බංග්ලාදේශ එක්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය...
කවුරු පුහුණුකරු වුනත් වැඩක් නෑ. අපේ අයට දැන් පණ නෑ. හොඳම වැඩේ ක්‍රිකට් ක්‍රීඩාවට දෙන තැන මදක් අඩු කරලා අනෙක් ක්‍රීඩා වලට තැන දෙන එකයි. දැන් ඉන්න කට්ටි...
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක්...
ලංකාවේ ඔක්කොම අංජ බජල් ...
හතුරුසිංහගෙන් එඩිතර ප්‍රකාශයක්...
අසේල ගුණරත්න ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැටළුවක්. ඉන්දියානු සංචාරයේ තරමක් අසාර්ථක වුණත් ඔහු ටෙස්ට් කණ්ඩායමේ සිටිය යුතුම සටන්කාමී ක්‍රීඩකයෙක්. ඉහල පව...
ශ්‍රී ලංකා පිල පිටත්ව යයි...
දැන් තමයි හොඳම ටීම් එක ඉන්නේ... සුබ පතමි...
මනසින් ගනුදෙනු කරන හතුරුසිංහ ...
නියමයි.. වෙන්න ඕනේ ඒ දේ තමයි... සුබපැතුම් !!! ...