. නුගේගොඩ මහමායාවන්ට ශූරතා දෙකක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
නුගේගොඩ මහමායාවන්ට ශූරතා දෙකක්
2017-10-09 11:38:40 | සුසිල් ප්‍රේමලාල්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කැරම් තරගාවලියේදී මහනුවර ශා.සිල්වෙස්තර් විදුහල විසින් වයස අවු 20න් පහළ බාලක කැරම් ශූරතාව දිනාගන්නා ලදි. නුගේගොඩ මහමායා බාලිකා විදුහල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී.

දින තුනක් පුරා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහල් ප්‍රධාන ශාලාවේ පැවති මෙම තරගාවලියේ වයස අවු 17න් පහළ බාලක බාලිකා ශූරතා දෙකම නුගේගොඩ පාසල් දෙකක් වන ශා. ජෝන් විදුහල සහ නුගේගොඩ මහාමායා විදුහල දිනා ගැනීම ද විශේෂ විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර ශා. සිල්වෙස්ටර් විදුහලේ එම්.කේ.එම්. අල්තාෆ් සම්මාන දිනාගත්තේය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නුගේගොඩ මහමායා විදුහලේ තුෂාරි නිමන්සිකා ද සම්මාන දිනාගත්තාය.


තරග ප්‍රතිඵල

වයස අවු 17න් පහළ බාලක
■    ශූරතාව - ශා.ජෝන් විදුහල නුගේගොඩ
■    අනු ශූරතාව - රාජකීය විදුහල කොළඹ
■    3 වැනි ස්ථානය - වේලස් කුමර විදුහල මොරටුව


වයස අවු 20 න් පහළ බාලක
■    ශූරතාව - ශා සිල්වෙස්ටර් විදුහල මහනුවර
■    අනු ශූරතාව - අල් - අදාන් විදුහල බදුල්ල
■    3 වැනි ස්ථානය - රාජකීය විදුහල - කොළඹ


වයස අවු 17න් පහළ බාලිකා
■    ශූරතාව - මහමායා බාලිකා විදුහල නුගේගොඩ
■    අනු ශූරතාව - සමුද්‍රදේවි බාලිකා විදුහල නුගේගොඩ
■    3 වැනි ස්ථානය - විශාඛා විදුහල කොළඹ


වයස අවු 20 න් පහළ බාලිකා
■    ශූරතාව - මහමායා බාලිකා විදුහල නුගේගොඩ
■    අනු ශූරතාව - සමුද්‍රදේවි බාලිකා විදුහල නුගේගොඩ
■    3 වැනි ස්ථානය - අල් ඉක්බාල් විදුහල වවුනියාව

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...