. සිරිමාවෝ බාලිකාවන්ට ශූරතා දෙකක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
සිරිමාවෝ බාලිකාවන්ට ශූරතා දෙකක්
2017-10-09 11:58:52 | සුසිල් ප්‍රේමලාල්

සමස්ත ලංකා පාසල් ත්‍රෝබෝල් තරගාවලියේ වයස් සීමා දෙකක ශූරතා දිනා ගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවෝ සමත් වූහ. මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගනයේ පැවති අදාළ තරගාවලියේ වයස අවු 17න් පහළ සහ අවු 20න් පහළ බාලිකා අංශයේ ශූරතා දෙකම සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවන්ට හිමිවිය.

බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුවිට මහ විදුහලේ ඩබ්.ඩී.එස්.එම්. අබේරත්න සම්මාන ලැබූ අතර කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ අෂිනි මදුරංගි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.


තරග ප්‍රතිඵල

වයස අවු 17න් පහළ බාලක
■    ශූරතාව - වැල්ලවාය ජේ.එම්.කුමාරදාස මහ විදුහල
■    අනු ශූරතාව - කුරුවිට එරත්න මහ විදුහල
■    3 වැනි ස්ථානය - කෑගල්ල කෑගලු විදුහල


වයස අවු 20 න් පහළ බාලක
■    ශූරතාව - කුරුවිට මැදි මහ විදුහල
■    අනු ශූරතාව - හොරණ ශ්‍රීපාලී විදුහල
■    3 වැනි ස්ථානය - යාපනය යුනියන් විදුහල


වයස අවු 17න් පහළ බාලිකා
■    ශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
■    අනු ශූරතාව - මාතර තෙලිජ්ජවිල මහ විදුහල
■    3 වැනි ස්ථානය - වැල්ලවාය ජේ.එම්.කුමාරදාස මහ විදුහල


වයස අවු 20 න් පහළ බාලිකා
■    ශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
■    අනු ශූරතාව - යාපනය යුනියන් විදුහල
■    3 වැනි ස්ථානය - කෑගල්ල ශා ජෝශප් විදුහල

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...