. ඒඩෙක්ස් ක්‍රීඩා උළෙල 15 දා | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
ඒඩෙක්ස් ක්‍රීඩා උළෙල 15 දා
2017-10-10 21:52:35 | .

කොළඹ අසරණ සරණ සමිතිය වාර්ෂිකව සංවිධානය කරන ජායිපූර් ආයතනයේ කෘතිම පාද පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙල ‘ඒඩෙක්ස් 2017’ මේ මස 15 වැනිදා කොළඹ ලෙස්ලි රණගල මාවතේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පෙරවරු 9.00 ට කාන්තා සහ පිරිමි බයිසිකල් ධාවන තරගයෙන් ආරම්භ වන මෙම ක්‍රීඩා උළෙල ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 63 කින් මෙම සමන්විත වේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 400 ක් පමණ සහභාගි වීමට නියමිතය. හමුදා ක්‍රියාන්විතයේදී, රිය අනතුරුවලින්, විශබීජ ශරීරගත වීමෙන්, දියවැඩියාව නිසා පාද අහිමි වූ සහ උපත්තියෙන් පාද අහිමිව උපදින අය ඒ අතර වෙති.

සිලෝන් ටී සමාගම, ලංකා ෆොන්ටේරා පිටිකිරි සමාගම, ලංකා එලිෆන්ට් හවුස් සිසිල් බීම සමාගම, කොකා කෝලා සමාගම, ලංකා මිල්ක් ෆුඞ් සමාගම, කාර්ගීල්ස් සමාගම, ලංකා බිස්කට් සමාගම, ගලධාරී හෝටලය, හිල්ටන් හෝටලය සහ ස්ටැසන් අපනයන සමාගම යන සමාගම් සහ ආයතන මෙම ක්‍රීඩා උළෙල සඳහා අනුග්‍රහය ලබාදෙයි.

කොළඹ අසරණ සරණ සමිතියේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්, පරිපාලන හා කාර්මික අංශවල සේවකයන් මෙන්ම මියුසියස් බාලිකා විද්‍යාලයීය බාලදක්ෂිකාවන්, කොළඹ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ටෝල්බන් ටුවර්ස් සේවක සේවිකාවන්ද මෙම ක්‍රීඩා උළෙල සඳහා සිය දායකත්වය ලබා දෙති.

-036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...