. ආනන්ද මෛත්‍රී විද්‍යාලයට ඉනිමක ජයක් | කෙළිමඬල
2017 ඔක්තෝබර් මස 24 වැනි අගහරුවාදා
ආනන්ද මෛත්‍රී විද්‍යාලයට ඉනිමක ජයක්
2017-10-12 20:30:07 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී උඩගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 54 ක ජයක් ලබාගැනීමට බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය. මෙම තරගය බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ චේතිය ඒකනායක (114) ශතකයක් සහ දිමුතු චන්ද්‍රසේන (74) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමෝද් රාජපක්ෂ ලකුණු 108 කට කඩුලු 8 ක් සහ , දිමුතු චන්ද්‍රසේන ලකුණු 69 කට කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

උඩගම  ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.3 කදී සියලුදෙනා දැවී ලකුණු 224
(උදය වික්‍රමසිංහ 55, ගයාන් ලක්මාල් 50, ලසිත ගුණතිලක 39, රොරල් මේඝා 30, චමෝද් රාජපක්ෂ 82/4, දිමුතු චන්ද්‍රසේන 43/3, නිශාන් ලක්ෂිත 09/2)

ආනන්ද මෛත්‍රී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලුදෙනා දැවී ලකුණු 358
(චේතිය ඒකනායක 114, දිමුතු චන්ද්‍රසේන 74, ගෞරව වික්‍රමසිංහ 40, ප්‍රවීන් ගොඩකුඹුර 39, රංදුල බොතේජූ නොදැවී 26, චමෝද් රාජපක්ෂ 25, ජනිඳු ජයසුන්දර 95/4, ලක්ෂාන් කුමාර 29/4)

උඩගම  ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.4 කදී සියලුදෙනා දැවී ලකුණු 80
(ලසිත් ගුණතිලක 34, උදය සම්පත් 22, චමෝද් රාජපක්ෂ 26/4, ශශික කරුණාරත්න 20/3, දිමුතු චන්ද්‍රසේන 26/3)

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී...
2017-10-18 23:00:23
ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජ...
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්...
2017-10-19 21:17:07
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා...
බාබර් - මලික් පාකිස්තානයට ජය ගෙනති...
2017-10-20 21:10:21
බාබර් අසාම් (නොදැවී 69) සහ ෂොයිබ් මලික් (නොදැවී 69) එක්ව සිවුවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 119 ක නොබිදුණු සම්බන්ධතාව හේතුවෙන් සාජා ක්&zw...
ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි ...
2017-10-17 21:30:26
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්...