. ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක් | කෙළිමඬල
2018 පෙබරවාරි මස 19 වැනි සඳුදා
ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්
2017-10-12 20:44:46 | ...

කොහේදෝ තැනකින් සොයාගෙන ආ “නැවතත් එකමුතු වීමේ ශක්තිය” සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තානයට ඇත්තේ එකම බලාපොරොත්තුවක් පමණි. එනම් තරග රටාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට එක්දින ආකාරය දක්වා මාරු වීමයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පාකිස්තානුවන් මෙසේ බලාපොරොත්තු තැබීමට ප්‍රබල හේතුවක් තිබේ. එනම් ටෙස්ට් තරගාවලියේදී පාකිස්තානය පරාජය කළ ක්‍රීඩකයන් 13 දෙනාගෙන් හත් දෙනෙක්ම එක්දින තරගාවලියට නොපැමිණෙන බැවිනි. ශ්‍රී ලංකා පිලේ නායකත්වය පවා වෙනස් වී තිබෙන අතර පාකිස්තානු කණ්ඩායමටද අලුත් ක්‍රීඩකයෝ එක්වී සිටිති.

මැයි මාසයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරයන් වූ නමුත් එක්දින ශ්‍රේණිගත කිරීම් අතර පාකිස්තානුවන්ට හිමිවී ඇත්තේ 6 වැනි ස්ථානයයි. එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානය දක්වා පහළට වැටී සිටින ශ්‍රී ලංකා පිල දැනට පත්ව සිටින්නේ අගාධයේ මෙතෙක් වැටුණු ගැඹුරුම තැනය. මේ වන විට ප්‍රසාද ලකුණු 86 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම යන්තමින් හෝ තරගාවලිය ජයගතහොත් ප්‍රසාද ලකුණු වැඩිකරගැනීමේ අවස්ථාවක් තිබේ. මෙය උපුල් තරංග ඇතුළු පිරිසට අලුත් බලාපොරොත්තුවකි.

ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගෙන් පාකිස්තානු එක්දින පිලට එක්ව සිටින්නේ සර්ෆ්‍රාස් අහමඞ්, හාරිස් සොහේල්, බාබර් අසාම් සහ වේග පන්දු යවන්නා වන හසන් අලී පමණි. කෙසේ වෙතත් පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මොහොමඞ් හෆීස් සහ ෂොයිබ් මලික් දෙදෙනාත් සමග ආරම්භක පිතිකරු අමහඞ් ශෙෂාඞ්ද පාකිස්තානු පිලට එක්ව සිටිති.

නවක පිතිකරුවන් වන ෆකර් සමාන්, සදාබ් ඛාන්, ඉමාඞ් වසිම්, ඉමාම් උල් හක්, ෆහීම් අශ්රාෆ් මෙන්ම වේග පන්දු යවන්නන් වන රුමාන් රයීස්, ජුනයිඞ් ඛාන් සහ උස්මන් ෂින්වාරි එක්ව සිටිති. පාකිස්තානු පිලේ හැමදාමත් පෙරළිකාරයන් වන්නේ පළපුරුදු ක්‍රීඩකයන්ට වඩා නවකයෝය.


ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේද ප්‍රබල වෙනස්කම් රැසකි. ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කරන ලද අතර ඇන්ජලෝ මැතිව්ස් තුවාල ලබා සිටින හෙයින් මෙම තරගාවලියට එක් නොවේ. අසේල ගුණරත්නත් තවම සිටින්නේ තුවාල ලත් ලයිස්තුවේය. එහෙත් ශ්‍රී ලංකා එක්දින පිලට එපාවී සිටි දිනේෂ් චන්දිමාල් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

අනෙක් අතට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානුවන් සතු එක්දින වාර්තාව අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතැන් සිට ගොඩ ඒමට උපයෝගී කරගත හැකිය. මක්නිසාද යත් 2009 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති එක්දින තරගමාලා 12 කින් 9 කදීම පාකිස්තාවන්ට අත්වී ඇත්තේ පරාජය බැවිනි. ඔවුන් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති තරගාවලි දෙකක් සහ කොදෙව් පිලට එරෙහි තරගාවලියක් පමණි.


අවසන් වරට සහභාගි වූ එක්දින තරග 21 කින් 16 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා පිලට ඇත්තේද අමතක කළ යුතු අතීතයකි. ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. අනෙක් අතට ඉන්දියානුවන් හමුවේ ලද 5-0 ක තරගාවලි පරාජය ශ්‍රී ලංකා නායක උපුල් තරංග මත ඇති පීඩනය වැඩි කරවන්නකි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් පසුව පාකිස්තානය සහභාගීවන පළමු එක්දින තරගාවලිය මෙය වන අතර මෙම වසරේදී ඔවුන් සහභාගීවූ තරග 13 කින් තරග 7 ක් ජයගෙන ඇති අතර තරග 6 ක් පරාජයට පත්වී ඇත.

දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.


පාකිස්තානු සංචිතය :

සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අහමඞ් ශෙෂාඞ්, ෆකර් සමාන්, මොහොමඞ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඞ් වසීම්, සදාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලි, උස්මන් ෂින්වාරි, රුමාන් රයීස්, ජුනයිඞ් ඛාන්, හාරිස් සොහේල් සහ ඉමාම් උල් හක්

ශ්‍රී ලංකා සංචිතය :

උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ

 

 

wije2017-10-12 16:16:10
තිරිමාන්නත් ඉන්නවාද?

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
කුසල් පෙරේරා වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවයි ...
2018-02-13 20:06:10
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු කුසල් පෙරේ...