. ශ්‍රී ලංකාව චීනය පරදවයි | කෙළිමඬල
2018 ජූනි මස 18 වැනි සඳුදා
ශ්‍රී ලංකාව චීනය පරදවයි
2017-10-14 19:25:49 | මොහාන් ප්‍රනාන්දු

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ කොළඹ අදියරේ මූලික වටයේදී චීනයට එරෙහිව ලකුණු 28-7 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ජයග්‍රාහී ශ්‍රී ලංකා පිල තරගය පුරා ගෝල් 4 ක් වාර්තා කරද්දී චීනයට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් 2ක් තැබීමට සමත්වූ අතර රීසා රෆායිඩීන් සහ රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම බැගින් තැබූහ. ඉන් උත්සාහක දිනුම් 3 ක්ම ගෝල බවට පත් කිරීමට තරින්ද රත්වත්ත සමත් වූයේය.

අද උදෑසන ආරම්භ වූ මේ තරගාවලියේ මුහුණදුන් පළමු තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 28-21 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 21-7 කින් පෙරමුණ ගත් දකුණු කොරියාව දෙවැනි භාගයේදී තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත්විය. ශ්‍රී ලංකා පිල දෙවැනි භාගයේදී ගෝල් දෙකක්ම වාර්තා කරමින් ජයග්‍රහණය උරගා බැලිමට දැඩි උත්සාහයක නිරතවූවත් එය ප්‍රමාණවත් වූයේ නැත.

එම තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ජේසන් දිසානායක, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් තැබීමට සමත්වූහ.

ශ්‍රී ලංකා - චීන ආසියානු සත් සාමාජික රග්බි තරගයේ විශේෂ අවස්ථා...

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පළමු සිවුදින තරග දෙකේ නායකත්වය දිමුත්ට...
2018-06-12 16:34:10
මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට ටෙස්ට් පිතිකරු ද...
කොදෙව්වෝ වසර 10 කට පසු ශ්‍රී ලංකාව පරදවති...
2018-06-11 10:22:52
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226 ක ජයක් අත්කර ගැනීමට බටහිර...