. කොළඹ - ගුවන් හමුදාව ජය ලබති | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
කොළඹ - ගුවන් හමුදාව ජය ලබති
2017-10-14 21:17:15 | සුසිල් ප්‍රේමලාල්

කොළඹ ලොන්ඩන් පෙදෙසේ සහ කැළණිය පාපන්දු සංකීර්ණයේ අද (14) පැවැති ඩයලොග් ශූරයන්ගේ ලිග් පාපන්දු තරගාවලියේ තරග දෙකකදී කොළඹ එෆ්.සී. කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.

අද තරගාවලියේ හත්වැනි අදියර යටතේ පෙර එම ජයග්‍රහණ වාර්තා විය.

මීට අමතරව මහනුවර දිගන ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී දෙපිලම ගෝල 1 බැගින් වාර්තා කිරීම නිසා ශ්‍රී ලංකා යුද හමුදාව සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස. අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

අද දිනයේ තරග පහක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම්කර තිබූ නමුදු වර්ෂාව නිසා තරග 2ක් කල් දැමීමට සිදුවිය.

 

තරග ප්‍රතිඵල (හත්වැනි අදියර)
 

  • කොළඹ එෆ්.සී. විසින් සොලිඞ් එස්.සී. පරාජය කරන ලදී (ගෝල 7-3)
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සොලිඞ් එස්.සී. පරාජය කරන ලදී (ගෝල 1-0)
  • යුද හමුදාව සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස. අතර තරගය ජයපැරදුමෙන් තොරව නිමාවිය. (ගෝල 1-1)

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...