. ශා. සිල්වෙස්ටර් විදුහලට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ශා. සිල්වෙස්ටර් විදුහලට ඉනිමක ජයක්
2017-10-14 21:53:58 | ශානුක අරවින්ද

ගිරිඋල්ල වික්‍රමශීලා මැදි විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 58 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ධර්මදේවන් දනුෂ් ලකුණු 56 ක් රැස්කරමින් සහ ලකුණු 9 කට කඩුලු 5 ක් දවාගනිමින්ද, කල්හාර ප්‍රේමරත්න නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් සහ ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.


වික්‍රමශීලා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 55
(ධර්මදේවන් දනුෂ් 9/5, කල්හාර ප්‍රේමරත්න 19/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 24.1 කදී කඩුලු 3 ක් දැවී 153
(කල්හාර ප්‍රේමරත්න නොදැවී 59, ධර්මදේවන් දනුෂ් 56)

වික්‍රමශීලා මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 40
(කසුන් ලියනගේ 9/6, ඔසද හීන්කෙන්ද 14/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...