. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තුන්වැනි තැනට පනිති | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තුන්වැනි තැනට පනිති
2017-10-15 21:52:23 | .

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි හා අවසන් අදියරේ තරගාවලිය වූ, කොළඹ තුරඟ තරග පිටියේදී අද නිමාවට පත් තරගාවලියේදී තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම සමත්විය.

අදියර තුනකින් සමන්විත මේ තරගමාලාවේ දී ශ්‍රී ලංකා පිල තුන්වැනි තැන දිනාගත්තේ පළමුවරටය.
මීට පෙර පැවැති හොංකොං තරගාවලියේදී  සහ දකුණු කොරියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ පස්වැනි ස්ථානයයි.

සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ අද පස්වරුවේ දකුණු කොරියාව ලකුණු 22-5 කින් පරාජය කරමිනි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට දස්කම් පෑ රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම් 2 ක් තැබීමට සමත්වූ අතර ධනුෂ්ක රන්ජන් සහ රීසා රෆායිඩීන් උත්සාහක දිනුම බැගින් තැබූහ. ඉන් එක් උත්සාහක දිනුමක් තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට පත්කරනු ලැබිණ.

කුසලන තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 26-12 කින් පරාජයට පත්වීම හේතුවෙන් තුන්වැනි ස්ථානය තේරීමේ තරගයට පිවිසියේය.  ශ්‍රී ලංකා පිල මෙවර ආසියානු  සත් සාමාජික රග්බි තරගමාලාවේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට එක්වූයේ පළමුවරටය.

මූලික වටයේදී අර්ධ අවසන් පූර්ව තරගයෙන් මැලේසියාවට එරෙහිව ලකුණු 22-5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයට සේන්දු වීමට සමත්විය. මෙම තරගායේදී ශ්‍රී ලංකා පිල ගෝලයක් සහ උත්සාහක දිනුම් 3 ක් වාර්තා කළ අතර මැලේසියාවට රැස් කිරීමට හැකිවූයේ එක් උත්සාහක දිනුමක් පමණි.

මැලේසියාවට එරෙහි තරගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ දනූෂ දයාන්. ධනුෂ්ක රන්ජන්. ජේසන් දිසානායක සහ නායක සුදර්ශන මුතුතන්ත්‍රි උත්සාහක දිනුම බැගින් තැබූහ.

 

- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...