. ශ්‍රී ලංකාව 6 වැනි තැනට | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
ශ්‍රී ලංකාව 6 වැනි තැනට
2017-10-15 22:20:00 | .

ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගමාලාවේ දෙවැනි හා අවසන් අදියර වූ කොළඹ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 6 වැනි ස්ථානයට පත්වූහ.

කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගාවලියේදී පළඟ ශූරතාව වෙනුවෙන් හොංකොං පිල සමග තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී ලකුණු 12-5 කින් පරාජයට පත්වූහ. එම තරගයේදී ශ්‍රී ලංකාව වාර්තා කළ එකම උත්සාහක දිනුම තබනු ලැබුවේ තනූජා විරක්කොඩි විසිනි.

රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ ශූරතා අවසන් මහා තරගයට එක්වූයේ අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව ලකුණු 34-5 කින් පරාජයට පත් කරමිනි.

අද උදැසන කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව තරගයේදී කසකස්තානය හමුවේ ලකුණු 12-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූ අතර තරගය පුරා උත්සාහක දිනුම් 6 ක් තැබීමට සමත්වූහ. දුලානි පල්ලිකොන්දගේ ඉන් උත්සාහක දිනුම් තුනක්ම තබමින් කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූවාය. තනූජා වීරක්කොඩි උත්සාහක දිනුම් 2 ක් ගෝල බවට පත් කළාය.

ආසියානු සත් සාමාජික පිරිමි රග්බි තරගමාලාවට සමගාමීව පැවැති කාන්තා තරගමාලාවේ පළමු අදියර ලෙස පසුගියදා දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පස්වැනි ස්ථානය දිනාගත්හ.


 - 077

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා...
2017-11-17 17:00:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර...