. පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක් | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
පිතිකරුවන්ගේ චිත්ත ධෛර්යයේ පරීක්‍ෂණයක්
2017-10-19 21:17:07 | ...

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (20 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය පරීක්‍ෂා කරන තරගයක් බවට පත්වී තිබේ. තරගාවලියේ ඉරණම විසඳුනු තුන්වැනි තරගයෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු නික් පොතාස් මහතා කියා සිටියේ “මොකක් හරි දෙයක් ඉක්මනටම කරන්න ඕනා” කියාය.


ලැජ්ජා සහගත ලෙසින් පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ හිස් බිමට නමාගත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙස් දෙවොල් තැබූ නික් පොතාස් මහතා කීවේ “කොන්ද පණ තියෙන පිතිකරුවන් කිහිප දෙනෙක් මේ කාමරය ඇතුළෙන් සොයා ගන්න ඕනෑ” කියාය.


ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී මේ වන විටත් 3-0 ක ජයක් ලබා සිටින නමුත් කිසිම ආකාරයකින් සිය ග්‍රහණය ළිහිල් කිරීමට පාකිස්තානු නායක සර්ෆ්‍රාස් අහමඞ් සූදානම් නැත. ශ්‍රී ලංකා පිල හමුවේ ටෙස්ට් තරගාවලිය පරාජය වූ නමුත් පාකිස්තානුවන් බදාදා ලබාගත්තේ පිට පිටම ලද 7 වැනි එක්දින ජයග්‍රහණයයි.


“අපි මේ තරගාවලිය 3-0 කින් ජයගැනීමට සමත්වීම මහත් සතුටට කාරණාවක්. ඒත් මා හිතන්නේ ඉතිරි තරග දෙකත් ඒ විදිහටම ඉවර කරලා දාන එක තමයි හොඳ”


“ටෙස්ට් තරගාවලියට පස්සේ අපේ මේ සටන්කාමීත්වය ඉතාමත් හොඳ ලකුණක්. අපි හැම පැත්තෙන්ම හොඳට කළා” යයි සර්ෆ්‍රාස් අහමඞ් පැවසීය.


ශ්‍රී ලංකා පිල සිටින්නේ එහි අනෙක් අන්තයේය. මේ වන විටත් පිට පිටම එක්දින තරග 10 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෝ තරගයෙන් පසුව පුහුණුකරු නික් පොතාස් මහතාගෙන් මදියි නොකියන්නටම බැණුම් ඇසූහ.
“අපට ඕනෑ තරම් රැස්වීම් තියන්න පුළුවන්. ඕනෑ තරම් පුහුණුවීම් කරන්න පුළුවන්. ඒත් මේ හතරේ සීමාවෙන් ඇතුළට ගියාට පස්සේ මීට වඩා සටන්කාමීත්වයක් පෙන්නුම් කරන්න ඕනෑ”


“ඒක අමාරුයි තමා. මට පිළිගන්න පුළුවන් අපි ඒ අමාරු තත්ත්වයට මුහුණ දෙනවා කියලා. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ අපි එකම දේට මුහුණ දෙනවා. එකම දේ සිද්ධ වෙනවා. මොකක් හරි දෙයක් ඉක්මනටම වෙන්න ඕනා” යයි නික් පොතාස් මහතා බදාදා පැවැති තරගයෙන් පසුව පැවසීය.


කමිස මාරු කරන්නාක් මෙන් තරගයෙන් තරගයට ක්‍රීඩකයන් මාරු කරන ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයන් අතුරින් මෙතෙක් තරගයක් ක්‍රීඩා කර නැත්තේ සීකුගේ ප්‍රසන්න සහ සිවුවැනි තරගයට කැඳවූ සධීර සමරවික්‍රම පමණි.


“මා බලාපොරොත්තු වෙනවා මොකක් හරි වෙනසක් වේවි කියලා. මට ඕනෑ කරන්නේ ධෛර්යය ඇති ක්‍රීඩකයන් සමග මේ ගමන යන්නයි...අපි තේරීම් කමිටුවත් එක්ක කතා කරලා කොන්ද පණ තියෙන පිතිකරුවන් කිහිප දෙනෙක් මේ කාමරය ඇතුළෙන් සොයා ගන්න ඕනෑ”


“ටෙස්ට් තරගාවලියෙදි මොකක්ද වුණේ කියලා අපි දැක්කා. ධෛර්යවන්ත ක්‍රීඩකයන් සිටිනවා නම් අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා. මේ වෙලාවේ මේ කතාව කියන එක ටිකක් සැර වැඩි වෙන්න පුළුවන්. සමහර විට මා ඒ දේ මේ කණ්ඩායමෙන් දැකලා නැතිව ඇති” යයිද පොතාස් මහතා කීවේය.


ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට පරාජය වූ එක්දින තරග 10 න් 8 කදීම ලකුණු 250 සීමාව පසුකර යාමට අපොහොසත් වී තිබේ.

 

පාකිස්තානු සංචිතය :

සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අහමඞ් ශෙෂාඞ්, ෆකර් සමාන්, මොහොමඞ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඞ් වසීම්, සදාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලි, උස්මන් ෂින්වාරි, රුමාන් රයීස්, ජුනයිඞ් ඛාන්, හාරිස් සොහේල් සහ ඉමාම් උල් හක්


ශ්‍රී ලංකා සංචිතය :

උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...