. කරන්දෙණිය මැදි විදුහලට කඩුලු 8 ක ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
කරන්දෙණිය මැදි විදුහලට කඩුලු 8 ක ජයක්
2017-10-26 19:08:14 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා  විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයපුරා පන්දුවෙන් දස්කම් දැක්වූ රවිඳු මිලාන් ලකුණු 37 කට කඩුලු 9 ක් දවාගනිමින් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට තරගයේ ජය හිමිකර දීමට දායකවිය.


අනුරාධපුර ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 79
(අස්මික ප්‍රමෝදන නොදැවී 26, රවිඳු මිලාන් 10/5, සමිත් ඉසුරු 31/3, දිනුප සෙවුමිණ 05/2)

කරන්දෙණිය ම.ම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64 කදී සියලුදෙනා දැවී ලකුණු 202
(සමිත් ඉසුර 41, ඉශාර මදුවන්ත 35, ගිහාන් මදුශාර 35, දිමුත් සඳරුවන් 32, රවිඳු මිලාන් 22, අශාන් කවිඳු 32/3)

අනුරාධපුර ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(චමෝද්‍ය ඉඳුවර නොදැවී 46, හේෂාන් ශෙනිර 27, රවිඳු මිලාන් 27/4, ඉශාර මදුවන්ත 15/2)

කරන්දෙණිය ම.ම විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 20

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...