. හරීන්ගේ පන්දු යැවීම ශා. ඇලවීෂියස් දිනවයි | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
හරීන්ගේ පන්දු යැවීම ශා. ඇලවීෂියස් දිනවයි
2017-10-27 17:43:13 | ශානුක අරවින්ද

කොළඹ ඉසිපතන විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ හරීන් බුද්දිල ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් ලකුණු 49 කට කඩුලු 10 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

රවිඳු සංජන (67), සංදීප චමෝද් (55) සහ ළහිරු ධනංජය (51) ශාන්ත ඇලවීෂියස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 98
(සංජුල ඉලංගතිලක 55, හරීන් බුද්දිල 21/5, කවිඳු මඳුරංග 9/2, රවිඳු සංජන 11/2)

ශාන්ත ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 72 කදී සියලු දෙනා දැවී 258
(රවිඳු සංජන 67, සංදීප චමෝද් 55, ළහිරු ධනංජය 51, පසිඳු නානායක්කාර 36, ළහිරු දිල්ෂාන් 50/4, මධුෂික සඳරුවන් 38/2, සංජුල ඉලංගතිලක 82/2)

ඉසිපතන විදුහල දෙවැනි ඉනිම - ඕවර 33 කදී සියලු දෙනා දැවී 77
(හරීන් බුද්දිල 28/5)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...