. පන්දු යවන්නෝ බදුල්ල මැදි විදුහලට ජය ගෙනෙති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
පන්දු යවන්නෝ බදුල්ල මැදි විදුහලට ජය ගෙනෙති
2017-10-31 19:15:31 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය ‘බී’ කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 183 ක ජයක් ලබා ගැනීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය අද (31 වැනිදා) සමත්විය. මෙම තරගය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ශාන්ත තෝමස් විද්‍යාලීය පළමු ඉනිමේදී ජනිඳු දුලංජන සහ තාරුක දිලක්ෂණ කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර දෙවැනි ඉනිමේදී තාරුක වනසිංහ ලකුණු 11 කට කඩුලු 6 ක් දවාගනිමින් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ශා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 17.1 කදී සියලුදෙනා දැවී  42
(ජනිඳු දුලංජන 08/4, තාරුක දිලක්ෂණ 11/4)

බදුල්ල ම.ම විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.4 කදී කඩුලු 5 ක් දැවී 245
(කවිඳු පත්මිණ 82, ටෙහාන් මන්ඩිත් 45, සඳුන් සංදීප 36, චමිඳු අබේනායක 29, ශෙහාන් මන්ඩිත් 23, සවින් බණ්ඩාර 56/3)

ශා. තෝමස් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 11.1 කදී සියලුදෙනා දැවී  20
(තාරුක වනසිංහ 11/6, ජනිඳු දුලංජන 08/2)


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා...
2017-11-17 17:00:09
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර...