. ආසියානු කාන්තා බොක්සිං තරග හෙට සිට | කෙළිමඬල
2017 නොවැම්බර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා
ආසියානු කාන්තා බොක්සිං තරග හෙට සිට
2017-11-01 20:18:33 | ශානුක අරවින්ද

වියට්නාමයේ හෝ චි මින් නගරයේදී හෙට (2 වැනිදා) ආරම්භ වන ආසියානු කාන්තා බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් හය දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලිය මේ මස 9 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාවද ඇතුළුව මෙම තරගාවලියට රටවල් 8 ක් නියොජ්නය කරමින් ක්‍රීඩිකාවෝ 118 දෙනෙක් සහභාගි වෙති. කසකස්තානය, උස්බැකිස්තානය, චීනය, උතුරු කොරියාව සහ ඉන්දියාව යන ප්‍රබල රටවල ක්‍රීඩිකාවන්ද ඊට ඇතුළත්ව සිටිති.  

ලබන වසරේ (2018) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පුහුණුවීමේ පෙරහුරු තරගාවලියක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වෙයි.

යුනිචෙලා බොක්සිං සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවන් සිවුදෙනෙක්ද, හෙළ බොක්සිං සමාජය සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන එක් ක්‍රීඩිකාවක් බැගින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

කෝසලා නිල්මිණි (කිලෝ ග්‍රෑම් 48 බර පංතිය), අනුරාධා ජයසිංහ (කිලෝ ග්‍රෑම් 51 බර පංතිය), කේෂානි හංසිකා (කිලෝ ග්‍රෑම් 57 බර පංතිය) සහ ක්‍රිෂ්මි ධර්මතිලක (කිලෝ ග්‍රෑම් 60 බර පංතිය) මෙම තරගාවලියට සහභාගි වන යුනිචෙලා බොක්සිං සමාජයේ ක්‍රීඩිකාවෝ වෙති.

හෙළ බොක්සිං සමාජයේ තනූජා ධර්මසේන කිලෝ ග්‍රෑම් 69 බර පංතිය යටතේද, ශ්‍රී ලංකා පොලිසියේ ශිරෝමාලා වීරරත්න කිලෝ ග්‍රෑම් 75 බර පංතිය යටතේද තරගාවලියට සහභාගි වී සිටිති.

ඔවුන් අතරින් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණි සහ කේෂානි හංසිකාද, ශ්‍රී ලංකා පොලිසියේ ශිරෝමාලා වීරරත්නද ඉකුත් මස නෙදර්ලන්තයේදී පැවැති ඉන්දෝවන් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම් දිනූ ක්‍රීඩිකාවෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

■    කෝසලා නිල්මිණි (කි.ග්‍රෑ. 48) - නොවැම්බර් 4 වැනිදා පිලිපීන - ජපන් තරගයේ ජයග්‍රාහිකාවට එරෛහිව අවසන් පූර්ව වටයේදී
■    අනුරාධා ජයසිංහ (කි.ග්‍රෑ. 51) - නොවැම්බර් 3 වැනිදා පිලිපීන ක්‍රීඩිකාවට එරෙහිව මූලික වටයේදී
■    කේෂානි හංසිකා (කි.ග්‍රෑ. 57) - නොවැම්බර් 5 වැනිදා චීන තායිපේ - ජපන් තරගයේ ජයග්‍රාහිකාවට එරෛහිව අවසන් පූර්ව වටයේදී
■    ක්‍රිෂ්මි ධර්මතිලක (කි.ග්‍රෑ. 60) - නොවැම්බර් 2 වැනිදා නේපාල ක්‍රීඩිකාවට එරෙහිව මූලික වටයේදී
■    තනූජා ධර්මසේන (කි.ග්‍රෑ. 69) - නොවැම්බර් 5 වැනිදා චීන - චීන තායිපේ තරගයේ ජයග්‍රාහිකාවට එරෙහිව අවසන් පූර්ව වටයේදී
■    ශිරෝමාලා වීරරත්න (කි.ග්‍රෑ. 75) - නොවැම්බර් 4 වැනිදා උතුරු කොරියානු ක්‍රීඩිකාවට එරෙහිව අවසන් පූර්ව වටයේදී

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...