. දඩබ්බරකම් අවාසිය ගෙනෙයි | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
දඩබ්බරකම් අවාසිය ගෙනෙයි
2017-11-05 22:12:54 | .

අවසන් මිනිත්තු දහය දක්වාම තම පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ලකුණු දෙකකින් පමණක් පසුපසින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධී ක්‍රීඩා රටාව නිසා ලද දඬුවම් ලකුණු සංඛ්‍යාව සිය  වාසියට හරවාගත් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අද (05 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 21-9ක ජයක් අත්කර ගැනීමට සමත්විය. සී.ආර්. පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 ක් ලබද්දී ගුවන් හමුදා පිලට දඬුවම් පහර 3 කින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය.

තරගයේ පළමු භාගය නිමාවනවිටත් ලකුණු 6-3 කින් ඉදිරියෙන් පසුවූ ගුවන් හමුදා පිල අවසන් මිනිත්තු දහය එළැඹෙද්දී සී.ආර්.පිලට වඩා පසුපසින් සිටියේ ලකුණු 11-9 කින් පමණි. එහෙත් තරගය නිමාවීමට මිනිත්තු 7 කට පමණ පෙර ලද ‘පැනල්ටි ට්‍රයි ‘එකක් සහ අවසන් මිනිත්තුවේ ලද දඬුවම් පහරක් නිසා තරගය එහෙම පිටින්ම උඩුයටිකුරු වූයේ සී.ආර්.පිලට ජයග්‍රහණය අත්කර දෙමිනි.

තරගයේ 8 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න ලකුණු 3-0 කින් ගුවන් හමුදා පිල ඉදිරියට ගෙන ගියේය. ඊට මිනිත්තු දහයකට පසුව තම පිලට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් තරින්ද රත්වත්ත ලකුණු සංඛ්‍යාව 3-3 කින් සම කරගත්තේය.

අනතුරුව 36 වැනි මිනිත්තුවේ තවත් දඬුවම් පහරක් සාර්ථක කළ චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදා පිලට තරගයේ පළමු භාගයේ පෙරමුණ ගෙන දුන්නේ ලකුණු 6-3ක් ලෙසිනි.

ගුවන් හමුදා පිලට වඩා ලකුණු 3ක් පසුපසින් සිටිමින් දෙවැනි භාගය ආරම්භ කළ සී.ආර්.පිලට නැවත පෙරමුණ ගෙනදුන් චරන චාමිකර 49 වැනි මිනිත්තුවේදී තරගයේ පළමු උත්සාහක දිනුම තැබුවේය. එය තරින්ද රත්වත්තට සාර්ථකව ප්‍රවර්ථනය කිරිමට නොහැකිවූවත් ලකුණු 8-6කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිලට හැකිවිය.

එහෙත් 60 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් චරිත් සෙනෙවිරත්න සී.ආර්.පිල පසුපසට ඇද දමමින් ගුවන් හමුදා පිල ලකුණු 9-8කින් ඉදිරියට ගෙන ගියේය. ඊට මිනිත්තු දෙකකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරගත් තරින්ද රත්වත්ත ලකුණු 11-9කින් සී.ආර්.පිලට පෙරමුණ ගෙන දීමට සමත්විය.

එසේ දෙපිල අතර දෝලනය වූ මේ තරගය එහෙම පිටින්ම කණපිට හැරුණේ 72 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා පිලේ ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධිි ක්‍රීඩා රටාව නිසා සී.ආර්.පිලට පැනල්ටි ට්‍රයි එකක් ලබා ලකුණු 18-9කින් ඉදිරියට යාම නිසාය. අවසන් මොහොතේ තරින්ද තවත් දඬුවම් පහරක් සාර්ථක කරමින් සී.ආර්. පිලේ ජයග්‍රහණය තහවුරු කළේය.


- 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගගේ දස්කම් අපතේ යයි ...
2018-07-09 18:38:07
කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ලසිත් මාලිංග නායකත්වය දරන මොන්ට්‍රේල් ටයිගර්ස් කණ්ඩායමට ...
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...