. චිතගොංග් වයිකින්ස් පිලට ලකුණු 11 ක ජයක් | කෙළිමඬල
2017 නොවැම්බර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා
චිතගොංග් වයිකින්ස් පිලට ලකුණු 11 ක ජයක්
2017-11-08 21:41:24 | .

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර ෂිලාත්හිදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් අත්කර ගැනීමට චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය රාංපූර් රයිඩර්ස් පිතිකරුවන්ට ටස්කින් අහමඞ් ප්‍රමුඛ චිතගොංග් පන්දු යවන්නන් හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි.

දක්ෂ පන්දුයැවීමක නිතර වූ ටස්කින් අහමඞ් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර රාංපූර් රයිඩර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ලුයිස් රීස් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත්තේය.

රාංපූර් රයිඩර්ස් ඉනිමේ වැඩිම වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවී බොපාරා පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළ අතර තිසර පෙරේරා හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 11 ක්ද, ලසිත් මාලිංග හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 14 ක්ද රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ ලුක් රොන්කි පන්දු 35 කදී ලකුණු 78 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

වයිකින්ස් ඉනිම ගොඩනැගීම සඳහා රොන්කිට අනගි සහායක් දුන් ඩිල්ෂාන් මුණවීර හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක්ද, මිස්බා උල් හක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 31 ක්ද රැස්කළහ.
ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගත් රවී බොපාරා එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ අතර තිසර පෙරේරා ලකුණු 16 කට කඩුල්ලක් දවාගත්තේය.


චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 166
(ලුක් රොන්කි 78, ඩිල්ෂාන් මුණවීර 20, මිස්බා උල් හක් නොදැවී 31, රවී බොපාරා 14/2)

රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 155
මොහොමඞ් මිතුන් 23, රවී බොපාරා 38, ශරියර් නෆීස් 26, ලසිත් මාලිංග නොදැවී 14, ටස්කින් අහමඞ් 31/3, ලුයිස් රීස් 26/2)


- 036

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...