. ආසියානු ශූරතාවලියට දෙදෙනෙක් යති | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 26 වැනි බදාදා
ආසියානු ශූරතාවලියට දෙදෙනෙක් යති
2017-11-09 18:28:02 | සුසිල් ප්‍රේමලාල්

මේ මස 26 වැනිදා චීනයේ ඩොන් ගුවාන් නගරයේ පැවැත්වීමට නියමිත 14 වැනි ආසියානු ශූරතා මැරතන් තරගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු සහභාගී කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත. 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ගීතානී රාජසේකර සහ 2017 වර්ෂයේදී 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් ශූර ප්‍රදීප් අනුරසිංහ ආසියානු මැරතන් ශූරතාවලියට සහභාගී වෙති.


මෙම වසරේ ඇම්ස්ට්‍රඩෑම් නුවරදී පැවති ජාත්‍යන්තර මැරතන් තරගයේ දී ගීතානී රාජසේකර විසින් දක්වන ලද දක්ෂතාව (පැය 2.47.27) සහ 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරගය පැය 2.25.13 කින් නිම කරමින් අනුරසිංහ විසින් දක්වන ලද දක්ෂතාවය පදනම් කරගෙන එම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ආසියානු ශූරතා මැරතන් තරගයට සහභාගී වීමට අවස්ථාව හිමි වූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ තේරුම් කමිටුව පවසයි.


1988 වසරේ සිට පැවැත්වෙන ආසියානු ශූරතා මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාව වසර 2000 දී පමණක් පිරිමි අංශයෙන් රිදී පදක්කමක් දිනා ඇත. පැය 2.28.25 කින් තරගය නිම කරමින් සරත් ප්‍රසන්න ගමගේ එම පදක්කම දිනා ගැනීමට සමත් විය.


ආසියානු ශූරතාව නියෝජනය කරන මෙම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලබන 24 දා චීනය බලා පිටත්ව යන අතර පුහුණුකරු සහ කළමණාකරු ලෙස බර්නාඞ් පෙරේරා මහතා සහභාගීවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...