. නේලක - අංජලිකා කේවල ශූරතා දිනති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා
නේලක - අංජලිකා කේවල ශූරතා දිනති
2017-11-10 18:05:40 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ දෙවැනි අදියරේ බාලක සහ බාලිකා කේවල ශූරතා දිනාගැනීමට නේලක දිසානායක සහ අංජලිකා කුරේරා සමත් වූහ.

ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස තෙහාන් විජේමාන්න පරාජය කරමින් නේලක එම ශූරතාවට හිමිකම් කී අතර එම තරගයේ ලකුණු තත්ත්වය 6-3 ක් සහ 6-1 ක් ලෙස සටහන් විය.  

අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩක ශයින් ටෝකස් පරාජය කරමින් නේලක දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තෙහාන් විජේමාන්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කවිෂ්ක ගාල්ලගේ පරාජය කරමිනි.

අංජලිකා කුරේරා තරගාවලියේ බාලිකා කේවල ශූරතාව දිනාගත්තේ අද පැවැති අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරමිනි. එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6-1 ක් සහ 6-0 ක් ලෙසිනි.

අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩිකා ශෲති ඛන්නා පරාජය කරමින් අංජලිකා කුරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔනෙලි පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරමිනි.


බාලක කේවල අවසන් මහ තරගය

■    නේලක දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස තෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (6/3, 6/1)

බාලිකා කේවල අවසන් මහ තරගය
■    අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරන ලදි. (6/1, 6/0)

 

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...