. රාජෂායි කිංග්ස් පිලට කඩුලු 8 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 18 වැනි අගහරුවාදා
රාජෂායි කිංග්ස් පිලට කඩුලු 8 ක ජයක්
2017-11-11 21:09:45 | .

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම සහ රාජෂායි කිංග්ස් කණ්ඩායම අතර ෂිලාත්හිදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට රාජෂායි කිංග්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කයක් හඹා ගිය රාජෂායි කිංග්ස් කණ්ඩායම පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලෙන්ඞ්ල් සිමන්ස් (53) සහ මොමිනුල් හක් (නොදැවී 63) රාජෂායි කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 50 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 44 කදී වාර්තා වූ මොමිනුල්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

සිමන්ස් දුවද්දි දවාගැනීමකට හසුකරගැනීමට තිසර පෙරේරා සමත් වීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඕවර 2 ක් යැවූ තිසර පෙරේරා ලකුණු 12 කට කඩුල්ලක් දවාගත් අතර ඕවර 3 ක් යැවූ ලසිත් මාලිංගට ලකුණු 30 ක් ලබාදුන්නද කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාංපූර් රයිඩර්ස් වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවී බොපාරා පන්දු 51 කදී නොදැවී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. රාංපූර් ඉනිම ගොඩනැගීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ශරියර් නෆීස් හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක්ද, මොහොමඞ් මිතුන් හයේ පහරක් සහ හතරේ 2 ක් සමගින් ලකුණු 18 ක්ද රැස්කළහ.

රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 134
(මොහොමඞ් මිතුන් 18, රවී බොපාරා නොදැවී 54, ශරියර් නෆීස් 23, ෆරහද් රාසා 28/2)

රාජෂායි කිංග්ස් පිල - ඕවර 16.4 කදී කඩුලු 2 කට 138
(ලෙන්ඞ්ල් සිමන්ස් 53, මොමිනුල් හක් නොදැවී 63)

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
ධනුෂ්ක එයි - ෂෙහාන් යයි...
2018-09-13 19:43:35
ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිල...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...
ආසියානු ශූරියෝ හෙට එති...
ජයවේවා... දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමටත් වෙන්නේ ඔබලාව ආදර්ශයට ගන්නයි. ඔබලා සියලු දෙනාට තවතවත් ධෛර්යය, ශක්තිය සහ ජයග්‍රහණ ලැබේවා......
මාව ගෙනාවට ට්‍රික්සි මිස්ට ප්‍රශ්න ඇති කළා ...
අවංකව ඉතා ආඞම්බර වෙම්. ඔබ සැම දෙනා දක්වු දස්කම් ඉතා ඉහලින්ම අගය කරමි. ඉදිරි අනාගතයේ ලෝක ශැරතාවය දිනා ඹබේ දස්කම් මුලුලොවටම පෙන්විමට හැකිවේවායි මුලු හද...