. මහනුවර ක්‍රීඩකයෝ පොලිසියට තලති | කෙළිමඬල
2017 නොවැම්බර් මස 23 වැනි බ‍්‍රහස්පතින්දා
මහනුවර ක්‍රීඩකයෝ පොලිසියට තලති
2017-11-12 11:14:22 | .

තිළිණ විජේසිංහගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයත්, ගෝල ප්‍රවර්ථන හතරත් නිසා පොලිස් ක්‍රීඩා සමාජය එහෙම පිටින්ම බිමට සමතලා කළ මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි තරගයෙන් ලකුණු 43-11ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

පොලිස් පිටියේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම පෙරළිකාර ක්‍රීඩා විලාශයක නිරතවූ මහනුවර පිලේ ෆුල්බෑක් ක්‍රීඩක තිළිණ විජේසිංහ සිය කණ්ඩායමේ පළමු උත්සාහක  දිනුම් තුනම තැබීමට සමත්වූයේය. තරගය පුරා කන්ද උඩරට කණ්ඩායම තැබූ උත්සාහක දිනුම් 7 න් හතරක්ම ගෝල බවට ප්‍රවර්ථනය කරමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට පත්වූ විජේසිංහ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 36 දක්වා ඉහළ දමාගත්තේය. 

පළමු භාගය නිමාවෙද්දී ලකුණු 31-6 කින් පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයෙන් තරගය නිමාකරගනිද්දී ගෝල් 4 කට සහ උත්සාහක දිනුම් 3කට හිමිකම් කී අතර පොලිස් ක්‍රීඩා සමාජයට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුමක්, ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

තරගයේ තුන්වැනි මිනිත්තුවේදී තිළිණ විජෙසිංහ තැබූ උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝලයක් බවට පත් කිරීමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වූවත් ලකුණු 5-0 කින් පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්විය. අනතුරුව 17 වැනි මිනිත්තුවේදී ඔහු සිය දෙවැනි උත්සාහයක දිනුම තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් සිය කණ්ඩායම ලකුණු 12-0 කින් ඉදිරියට ගෙන ගියේය. 

ඊට මිනිත්තු පහකට පසුව සංදේශ් ජයවික්‍රම දඬුවම් පහරක් සාර්ථක කරමින් පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 3ක් ලබා දීමට සමත්වූ අතර 26 වැනි මිනිත්තුවේදී උත්පල එදිරිසිංහ විශිෂ්ට අයුරින් එල්ල කළ ඩ්‍රොප් ගෝලයත් සමග පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගියේය. එම ඩ්‍රොප් ගෝලය මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු වැන්න විය.

මහනුවර පිලේ උත්සාහක දිනුම් වර්ෂාවට ප්‍රබල සාධකය  බවට පත්වූ ඉතා නිවැරැදි අයුරින් සාමුහික පන්දු පිරිනැමීම අද තරගයේදී ඉහළින්ම කැපී පෙනුණු අතර 27 වැනි මිනිත්තුවේදී තිළිණ සිය තුන්වැනි  උත්සාහක දිනුමක් තැබූවේ එවැනිම තරග රටාවකිනි. එය සාර්ථකව ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ඔහු මහනුවර පිල ලකුණු 19-6කින් ඉදිරියට ගෙන ගියේය. 

අනතුරුව 32 වැනි මිනිත්තුවේදී රිචඞ් ධර්මපාල පහසු උත්සාහක දිනුමක් තැබීමට සමත්වූයේ සිය කණ්ඩායම ලකුණු 24කින් ඉහළට ඔසවා තබමිනි. එවර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමේ අවස්ථාව තිළිණ වෙතින් ගිලිහී ගියේය. එහෙත් ඊට මිනිත්තු 3කට පසුව ජේසන් දිසානායක තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට තිළිණ සමත්වීමෙන් පසුව පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 31-6කින් මහනුවර පිල ඉදිරියට තබමිනි. 

දෙවැනි භාගයේ 57 වැනි මිනිත්තුවේදී ධනුෂ්ක රන්ජන් අනගි උත්සාහක දිනුමක් තැබූ අතර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ තිළිණ ලකුණු 38-6කින් මහනුවර පිල ඉහළට ඔසවා තැබුවේය. මහනුවර පිලේ 7 වැනි උත්සාහක දිනුම වාර්තා වූයේ 64 වැනි මිනිත්තුවේදීය. ලවංග පෙරේරා තැබූ එම උත්සාහක දිනුම එවර ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට අර්ෂද් ජමාල්ඩීන් සමත්වූයේ නැත. 

තරගයේ 70 වැනි මිනිත්තුවේදී පොලිස් පිලේ ලකූණු අහේනිය නිමා කරමින් හෂාන් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් මහනුවර පිලේ ජයග්‍රහණයට අභියෝග කිරීමට එය කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැත. 

- 077

තරගාවලියේ විශේෂ අවස්ථා 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉන්දියාවේ ජයග්‍රහණය අඳුරේ සැඟවෙයි...
2017-11-20 17:00:08
වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකේදීම ඕවර 147 ක් අපතේ ගිය නමුත් අවසන් මොහොත දක්වාම සිය අරමුණු කරා යාම අතහැර නොදැමූ ඉන්දියානු පිලට අත පොවන...
හේරත් හෙවණැල්ලෙන් ඩිල්රුවන් වසාගනී...
2017-11-19 21:56:03
දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය...
2017-11-19 20:50:07
ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙ...