. ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානය පරදවයි | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 18 වැනි අගහරුවාදා
ශ්‍රී ලංකා යොවුන් පිල ඇෆ්ගනිස්තානය පරදවයි
2017-11-12 14:59:00 | .

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී ඊයේ (11 වැනිදා) පැවැති වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 61 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ප්‍රවීන් ජයවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ ඕවර 33.5 ක් අවසානයේ රැස්කරගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට අසමත් වෙද්දී, ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ දර්විෂ් රසූලි පන්දු 44 කින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගත්තේ දර්විෂ් රසූලිගේ කඩුල්ලත් සමගිනි. ඇෆ්ගනිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජෙහාන් ඩැනියෙල් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත් අතර කෙවින් කොත්තිගොඩ ලකුණු 29 කට කඩුල්ලක් දවාගනිමින් දුවද්දී දවාගැනීම් 2 කට දායක විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හසිත බෝයගොඩ (53) සහ ධනංජය ලක්ෂාන් (24) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 84 කදී වාර්තා වූ බෝයගොඩගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුලත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ ලක්ෂාන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. 

ජෙහාන් ඩැනියෙල් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමගින් ලකුණු 19 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

 

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 42 කදී කඩුලු 8 ක් දැවී 196 
(ධනංජය ලක්ෂාන් 24, හසිත බෝයගොඩ 53, ජෙහාන් ඩැනියෙල් 36, නිවනිඳු ප්‍රනාන්දු 19, ඊබ්‍රහිම් සද්රාන් 24/2, නවීන් උල් හක් 57/2) 

ඇෆ්ගනිස්තාන යොවුන් පිල - ඕවර 33.5 කදී සියලු දෙනා දැවී 135 
(ඊබ්‍රහිම් සද්රාන් 27, දර්විෂ් රසූල් 50, ප්‍රවීන් ජයවික්‍රම 17/5, ජෙහාන් ඩැනියෙල් 20/2) 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
ධනුෂ්ක එයි - ෂෙහාන් යයි...
2018-09-13 19:43:35
ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිල...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...
ආසියානු ශූරියෝ හෙට එති...
ජයවේවා... දැන් අපේ ක්‍රිකට් කණ්ඩායමටත් වෙන්නේ ඔබලාව ආදර්ශයට ගන්නයි. ඔබලා සියලු දෙනාට තවතවත් ධෛර්යය, ශක්තිය සහ ජයග්‍රහණ ලැබේවා......
මාව ගෙනාවට ට්‍රික්සි මිස්ට ප්‍රශ්න ඇති කළා ...
අවංකව ඉතා ආඞම්බර වෙම්. ඔබ සැම දෙනා දක්වු දස්කම් ඉතා ඉහලින්ම අගය කරමි. ඉදිරි අනාගතයේ ලෝක ශැරතාවය දිනා ඹබේ දස්කම් මුලුලොවටම පෙන්විමට හැකිවේවායි මුලු හද...