. කුල්නා ටයිටන්ස් පිලට ලකුණු 18 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 20 වැනි බ‍්‍රහස්පතින්දා
කුල්නා ටයිටන්ස් පිලට ලකුණු 18 ක ජයක්
2017-11-13 15:30:41 | .

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹා ගිය චිතගොංග් වයිකින්ස් පිතිකරුවන්ට අබූ ජයේද් ප්‍රමුඛ කුල්නා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අබූ ජයේද් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර චිතගොංග් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජොෆ්‍රා ආචර්, ශයිෆුල් ඉස්ලාම් සහ කාර්ලෝස් බ්‍රැත්වේට් කඩුල්ල බැගින් දවාගත්හ. 

චිතගොංග් ඉනිමේ වැඩිම වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සිකන්දර් රාසා පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළ අතර මිස්බා උල් හක් හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 30 ක්ද, ලුයිස් රීස් හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 22 ක්ද රැස්කළහ. පන්දු 5 කට මුහුණදුන් ඩිල්ෂාන් මුණවීරට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් රැස්කරගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 55 වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට අරිෆුල් හක් (40) සහ කාර්ලෝස් බ්‍රැත්වේට් (30) සමත් වූහ. පන්දු 25 කදී වාර්තා වූ අරිෆුල් හක්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ඇතුලත් වූ අතර පන්දු 14 කදී වාර්තා වූ බ්‍රැත්වේට්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. 

චිතගොංග් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මහමදුල්ලා පන්දු 33 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. චිතගොංග් ඉනිම ගොඩනැගීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රිලී රූසොව් හයේ පහර 2 ක් සමගින් ලකුණු 25 ක් රැස්කළේය. 

ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගත් ටස්කින් අහමඞ් එහිදී කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර සුන්සමුල් ඉස්ලාම් ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගත්තේය. 

කුල්නා ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 170 
(රිලී රූසොව් 25, මහමදුල්ලා 40, අරිෆුල් හක් 40, කාර්ලෝස් බ්‍රැත්වේට්, ටස්කින් අහමඞ් 43/3, සුන්සමුල් ඉස්ලාම් 20/2) 

චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 152  
(එනමුල් හක් 18, මිස්බා උල් හක් 30, සිකන්දර් රාසා 37, ලුයිස් රීස් 22, අබු ජයේද් 35/4) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
පාකිස්තානයට කඩුලු 8 ක ජයක්...
2018-09-16 22:00:32
ආසියානු ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තාන සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (...
මැතිව්ස් සමාව අයදී...
වැරදීම මිනිස් ගතියකි. වැරදීමට සමාවදීම දේව ගතියකි. එහි කිසිදු තර්කයක් නොමැත. අප ඔබලාට සමාව දෙන්නෙමු. නමුත් අප‍ට තිබෙන ගැටලුවලට නම් ඔබලා පිළිතුරු සපයන්...
මැතිව්ස් සමාව අයදී...
ඔක්කොටම ඉස්සෙල්ලා ටීම් එකෙන් ඉවත් කරන්න ඕනේ... මෙයාට ඕනේ සල්ලි විතරයි. රටට කුමක් වුවත් කමක් නැහැ. ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...