. සභාපතිනිය විමර්ශන කමිටුව හමුවට | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
සභාපතිනිය විමර්ශන කමිටුව හමුවට
2017-11-14 18:52:11 | නාමල් පතිරගේ

ජාතික දැල්පන්දු පුහුණුකාරිණියක් නිර්දේශ කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිණියක් වන හයිසින්ත් විජේසිංහ මහත්මිය ගොනු කළ අභියාචනය අද (14) සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යාංශය එහි විමර්ශන කටයුතු තවදුරටත් කර ගෙන යාමටත් එහිදී සාක්ෂි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය අභියාචනා විමර්ශන කමිටුව හමුවට කැඳවීමටත් තීරණය කළේය.

 අභියාචනාව ගොනු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය අද නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා සමග කමිටුව හමුවේ පෙනී සිටියාය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදේශක මිල්ටන් අමරසිංහ හා නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න යන මහත්වරු අභියාචනය විමර්ශනය කළහ.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් ජයන්ති සෝමසේකරම් ද සිල්වා මහත්මිය එම අවස්ථාවට සහභාගි වී සිටියාය. කෙසේ වුවත් අභියාචනාය ගොනු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම විමර්ශනයට  දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය අනිවාර්යයෙන්ම කැඳවා සාක්ෂි ලබා ගත යුතු බවයි. ඒ සඳහා ඉදිරි දිනයකදී කටයුතු කරන බව එහිදී මිල්ටන් අමරසිංහ මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

මෙම විමර්ශනය ආරම්භ කරන විට ටි්‍රක්ෂි නානායක්කාර මහත්මිය විදේශගතව සිටි බව වාර්තා විය.

ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය සඳහා අයදුම්කාරියන් සිව් දෙනෙකු  ඉදිරිපත්ව සිටියත් ශ්‍රී ලංකාවේදී සම්මුඛ පරික්ෂණයට පෙනී සිටියේ ඉන් අයැදුම්කාරියන් දෙදෙනෙකු පමණී. මේ වන විට බෲනායි දේශයේ සිටින එහි ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස කටයුතු කළ තිලකා ජිනදාස මෙනෙවිය “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ ඊට පෙනී සිටි බව දැල්පන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටියේය.

 දැල්පන්දු සම්මේලනය සිය නිර්දේශය මේ වන විටත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ඒ සඳහා නිර්දේශ කළ බව කියන තිලකා ජිනදාස මහත්මියගේ නාමයෝජනාව මේ වන විට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියට යවා ඇතැයි වාර්තා වේ.

 විජේසිංහ මහත්මිය සිය අභියාචනාවෙන් චෝදනා කර ඇත්තේ අයදුම්කාරිණියක් ලෙස තමා පෙනී සිටි ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරයට සුදුස්සෙකු නිර්දේශ කිරීමේදී දැල්පන්දු සම්මේලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කර තිබෙන බවයි. ඒ අතර එම සම්මුඛ පරික්ෂණය මෙහෙය වීමට දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය සෘජුවම මැදිහත්වී ඇතැයිද ද ඇය චෝදනා කර තිබේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...