. බොක්සිං තරගාවලියට ඉන්දියා යති | කෙළිමඬල
2018 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා
බොක්සිං තරගාවලියට ඉන්දියා යති
2017-11-16 17:31:06 | ශානුක අරවින්ද

මේ මස 19 වැනිදා සිට 26 වැනිදා දක්වා ඉන්දියාවේ ගුවහටි නගරයේදී පැවැත්වෙන යොවුන් (බාලිකා) බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා මධුමාලි ප්‍රියදර්ශනී සහ සෙව්වන්දි ප්‍රනාන්දු සුදුසුකම් ලබා සිටිති.  ආසියානු බොක්සිං සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා ලොව වටා රටවල් 38 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 200 ක් පමණ සහභාගි වන අතර එහිදී ඔවුන් පදක්කම් 40 ක් සඳහා තරග වදිති.
 
මෙම තරගාවලිය ලබන වසරේ (2018) ආජන්ටිනාවේදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙසද හැදින්වේ.

පල්ලේබෝවල මහ විදුහලේ ශිෂ්‍යාවක් වන මදුමාලි ප්‍රියදර්ශනී කිලෝ ග්‍රෑම් 45-48 බර පංතිය යටතේද, කෑගලු මහ විදුහලේ ශිෂ්‍යාවක් වන සෙව්වන්දි ප්‍රනාන්දු කිලෝ ග්‍රෑම් 48-51 බර පංතිය යටතේද මෙම තරගාවලියට සහභාගි වෙති. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම තවමත් 17 වැනි වියේ පසුවෙති.

සෙව්වන්දි සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය වන අතර මදුමාලි සහභාගිවන දෙවැනි ජාත්‍යන්තර තරගාවලිය මෙයයි. මේ වසරේ බහමාස්හිදී පැවැති යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය බොක්සිං තරගාවලිය මදුමාලි සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගාවලිය වූ අතර එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත්වීම නිසා ඇයට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවූවාය.

 

මධුමාලි ප්‍රියදර්ශනී

සෙව්වන්දි ප්‍රනාන්දු

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...