. දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා | කෙළිමඬල
2018 පෙබරවාරි මස 21 වැනි බදාදා
දෙවැනි දිනයටත් වැස්සෙන් බාධා
2017-11-17 17:00:09 | .

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටා ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දියාව ලකුණු 74 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියේය.

එක් අන්තයක පිතිකරුවන් එක්නෙකා දැවීයන විටදී තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින් එක් අන්තයක පන්දුවට පහරදෙමින් සිටින චෙතේෂ්වර් පුජාරා ලකුණු 47 ක් සහ රිද්දිමාන් සාහා ලකුණු 6 ක් ලබාගැනීමට සමත්වූ අතර හයවැනි කඩුල්ල සදහා ලකුණු 24 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩනැගීමට ඔවුන් උත්සහ කරති.

දිවා ආහාරයට සුළු මොහොතකට පෙර වර්ෂාව ඇතිවීම නිසා කලින්ම දිවා ආහාරය ලබාගත්තද වරින් වර වර්ෂාව ඇතිවීම හේතුවෙන් තරගය අතහර දැමීමට විනිසුරුවරුන් තීරණය කළ අතර අද දින යැවීමට හැකිවූයේ ඕවර 21 ක් පමණි..

තරගයේ පළමු දිනයවූ ඊයේ (16 වැනිදා) තරගය වර්ෂාව හේතුවෙන් නතර කරනවිට ලකුණු 17 කට කඩුලු 3 ක් දැවී තිබූ අතර අද උදෑසන පන්දුව අතට ගත් දසුන් ශානක තවත් කඩුලු 2 ක් දවාගනිමින් ඉන්දිය කණ්ඩායම ආගාධයට ඇද දැමීමට සමත්විය.

ඊයේ දිනයේදී විශිෂ්ට පන්දු යැවිමක නිරතවූ සුරංග ලක්මාල්ගෙන් ලකුණක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන්ට පන්දු 47 ක් යන තෙක් බලාසිටිමට සිදුවිය. 47 වැනි පන්දුවේදී අජින්ක්‍යා රහනේගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුව හතරේ සිමාව කරා යෑමත් සමගින් සුරංග ලක්මාල්ගෙන් ලකුණු ලබාගැනීමට ඉන්දිය පිතිකරුවන්ට අවස්ථාව හිමිවිය. ඕවර 11 ක් යවමින් නිලකුණු ඕවර 9 ක් සමගින් ලකුණු 5 කට කඩුලු 3 ක් දවාගැනිමට සුරංග ලක්මාල් සමත් වූයේය.
 

 

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවදානමෙන් ගැලවෙන්න ශ්‍රී ලංකාව ජය සොයයි ...
2018-02-14 18:39:38
බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පිට පිටම ලද විස්සයි20 තරග 8 ක පරාජයන් පසෙකලා, මාසයකට ආසන්න කාලයක් තුළ බංග්ලදේශයේදී ලැබූ සාර්ථකත්ව...
පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති...
2018-02-15 16:44:38
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුල...
ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්...
2018-02-18 16:52:41
බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සය...
විස්සයි-20 අන්තර්ජාතික තරග එපා...
2018-02-19 21:22:04
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන්ගේත් පුහුණුකරුවන්ගේත් පීඩනය අඩුකිරීම සඳහා විස්සයි-20 තරග දින දර්ශනයෙන් කපා හැරිය ...